YouVersion Logo
Search Icon

1 රාජාවලිය 16:21-30

1 රාජාවලිය 16:21-30 SCV

ඉන්පසු ඉශ්‍රායෙල් ජනයා දෙපිලකට බෙදුණහ. එක් පිලක් ගීනත්ගේ පුත් තිබ්නී රජකර ගැනීමට ඔහුට සහාය දැක් වූ අතර අනෙක් පිල ඔම්රීට සහාය දැක්වී ය. එහෙත් ඔම්රීගේ සගයින් ගීනත්ගේ පුත් තිබ්නීගේ අයට වඩා බලවත් වූයෙන්, තිබ්නී මිය ගියේ ය. ඔම්රී රජකමට පත් විය. යූදාහි රජු වූ ආසාගේ තිස් එක් වන වසරේ, ඔම්රී ඉශ්‍රායෙල්හි රජකමට පත් වී දොළොස් වසරක් රජකම් කළේ ය. ඉන් වසර හයක් තිර්සාහි දී ය. ඔහු සමාරිය කන්ද, ෂෙමෙර්ගෙන් රිදී තලෙන්ත දෙකකට මිල දී ගෙන, ඒ කන්ද පිට පුරවරයක් ඉදි කොට, ඊට සමාරිය යන නම තැබුවේ, කන්දේ මුල් හිමිකරු වන ෂෙමෙර්ගේ නමට අනුව ය. එහෙත් ඔම්රී ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුර කරමින්, ඔහුට පෙර සිටි සියල්ලන්ට ම වඩා පව් කළේ ය. ඔහු නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ මුළු මාර්ගයේ යමින්, තමන්ගේ නිරර්ථක දේවතා පිළිම මගින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෝප ගැන්වීමට ඉශ්‍රායෙල්වරුන්ට සැලැස්වීමෙන් ඔහු කළ පාපයේ ගැලුණේ ය. ඔම්රී සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ දෑ හා ඔහු කළ බලවත් ක්‍රියා ද ඉශ්‍රායෙල්හි රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? ඔම්රී තම පියවරුන් සමඟ සැතපුණෙන්, සමාරියෙහි භූමදාන කෙරිණි. ඔහුගේ පුත් ආහාබ් ඔහු වෙනුවට රජකමට පත් විය. යූදාහි රජු වූ ආසාගේ තිස්අට වන වසරේ ඔම්රීගේ පුත් ආහාබ්, ඉශ්‍රායෙල්හි රජකමට පත් වී, සමාරියෙහි වසර විසිදෙකක් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම් කළේ ය. ඔම්රීගේ පුත් ආහාබ් තමාට පෙර සිටි හැමට වඩා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුර කළේ ය.

Free Reading Plans and Devotionals related to 1 රාජාවලිය 16:21-30