1 කොරින්ති 13:4-13
1 කොරින්ති 13:4-13 SCV
ප්‍රේමය ඉවසිලිවන්ත ය; කරුණාවන්ත ය. ප්‍රේමය ඊර්ෂ්‍යා කරන්නේ නැත; පාරට්ටු කර ගන්නේ නැත; අහංකාර නැත; අසංවර නැත; එය තමන්ගේ ම මතය ගැන බල කරන්නේ නැත. එය වහා කිපෙන්නේ නැත; වරද සිතේ තබා ගන්නේ නැත. එය වැරදි කිරීමෙහි ප්‍රීති වන්නේ නැත; එහෙත් සත්‍යයෙහි ප්‍රීති වෙයි. ප්‍රේමය සියල්ල දරා ගනී; සියල්ල විශ්වාස කරයි. සියල්ල බලාපොරොත්තු වෙයි; සියල්ල ඉවසයි. ප්‍රේමය කිසි කල අවසන් වන්නේ නැත. දිවැස් වැකි පහ වී යයි; අන්‍ය භාෂා නවතිනු ඇත. දැනුම ද පහව යයි. මන්ද අප දන්නේ අසම්පූර්ණ ව ය; දිවැස් වැකි පවසන්නේ ද අසම්පූර්ණ ව ය. සම්පූර්ණත්වය පැමිණි කල, අසම්පූර්ණත්වය පහ වී යන්නේ ය. මා ළමයකු ව සිටියදී, මා කතා කළේ ළමයකු ලෙසිනි; මා සිතුවේ ළමයකු ලෙසිනි; තර්ක කළේ ළමයකු ලෙසිනි. මා මිනිසකු වූ කල, ඒ ළමා ගති මම අත්හැර දැමුවෙමි. දැන් අපට පෙනෙන්නේ කැඩපතකින් අපැහැදිලි ව ය. පසුව අපි මුහුණට මුහුණ ලා දකින්නෙමු. දැන් මා දන්නේ කොටසක් ය. එහෙත් පසුව මා සම්පූර්ණයෙන් දැනගන්නේ, මා මුළුමනින් ම දැන සිටියාක් මෙනි. දැන්, පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය යන තුන ය. මෙයින් වඩා උතුම් වන්නේ ප්‍රේමයයි.















![[Healing] The Mind-Body Connection 1 කොරින්ති 13:4-13 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F17750%2F1440x810.jpg&w=3840&q=75)


