සලමොන්ගේ ප්‍රඥාව 9
9
ප්‍රඥාව සඳහා අයැදුම
1අපේ පියවරුන්ගේ දෙවිඳුනි, දයාවේ සමිඳුනි, ඔබ තම වචනයෙන් සියල්ල මවා වදාළ සේක.
2ඔබෙන් පැමිණි මැවිලි පාලනය කරන පිණිසත්, සැදැහැවත්කමින් හා සාධාරණකමින් ලොව පාලනය කරන පිණිසත්,
3අවංක ලෙස පාලන බලය මෙහෙයවන පිණිසත් ඔබ ප්‍රඥාව මඟින් මිනිසා පිළියෙළ කළ සේක.
4ඔබේ සිහසුන අසල අසුන්ගත් ප්‍රඥාව මට දුන මැනව.
ඔබගේ සේවකයන් අතුරින් මා නෙරපා නොදැමුව මැනව.
5මම වනාහි ඔබේ සේවිකාවන්ගේ පුත්‍රයා වන ඔබේ මෙහෙකරුවෙකි;
දුබල මිනිසෙකි, මඳ ආයු ඇති කෙනෙකි;
යුක්තිය හා ව්‍යවස්ථාව ගැන මට ඇත්තේ අල්ප දැනුමකි.
6මිනිසුන් අතර සර්ව සම්පූර්ණ කෙනෙකුට වේ වා, ඔබෙන් පැමිණෙන ප්‍රඥාව නැත්නම්, ඔහු ගණන්ගනු ලබන්නේ නිෂ්ඵල කෙනෙකු මෙනි.
7ඔබේ ජනතාව කෙරෙහි රජු වශයෙන් ඔබේ දරුදැරියන් විනිශ්චය කරනු පිණිස ඔබ මා තෝරාගත් සේක.
8ආරම්භයේ පටන් ඔබ සූදානම් කළ ශුද්ධ මණ්ඩපයේ ප්‍රතිරූපයක් වන දේව මාලිගාවක් ඔබේ සුවිශුද්ධ කන්ද මත ද ඔබේ කූඩාරම තැනූ නගරයේ පූජාසනයක් ද ඉදිකිරීමට ඔබ මට අණ කළ සේක.
9ඔබ සමඟ ප්‍රඥාව ඇත.
ඈ ඔබේ වැඩ දන්නී ය.
ඔබ ලෝකය සෑදූ විට ඈ ඔබ සමඟ සිටියා ය.
ඔබ ඉදිරියේ ප්‍රසන්න දේ ද ඔබගේ ආඥාවට අනුකූල වන දේ ද ඈ තේරුම්ගත්තී ය.
10ඇය සියල්ල දැන තේරුම්ගෙන ඇති බැවින් මට සහාය දීමටත්, මා සමඟ වැඩ කිරීමටත්, ඔබට ප්‍රසන්න දේ මට ඉගැන්වීමටත්, සුවිශුද්ධ සගලොවින් ඇය එව්ව මැනව.
11ඔබේ තේජාන්විත සිහසුන වෙතින් ඇය එව්ව මැනව.
මාගේ ක්‍රියාවල දී ඇය නැණනුවණින් මට මඟ පෙන්වනු ඇත.
ඇගේ තේජසින් මා රක්ෂා කරනු ඇත.
12එවිට මා කරන සියල්ල පිළිගනු ඇත.
මම ඔබේ සෙනඟ යුතු ලෙස පාලනය කරන්නෙමි.
මාගේ පියාගේ සිහසුනට සුදුසු කෙනෙක් වන්නෙමි.
13දේව අදහස් කුමන මිනිසකුට දත හැකි ද?
සමිඳුන්ගේ කැමැත්ත කා හට දැනගන්නට හැකි ද?
14මැරෙනසුලු මිනිසාගේ කල්පනා සීමිත ය;
අපේ අදහස් චපල ය.
15මන්ද, මැරෙනසුලු කය ආධ්‍යාත්මයට පීඩා කරයි.
පසින් සෑදුණු මේ ගත, සිතුවිලි ගහණ බුද්ධියට බරකි.
16මිහි පිට ඇති දේ ගැන අනුමානකොට සිතීම පවා දුෂ්කර ය.
අපට ලබාගත හැකි දේ දැනගැනීම දුෂ්කර ය.
එසේ තිබිය දී සගලොව ඇති දේ සොයාගත හැක්කේ කා හට ද?
17ඔබ ප්‍රඥාව නුදුන් සේක් නම්, ඔබ ඉහළින් ශුද්ධාත්මානුභාවය නොඑවූ සේක් නම් ඔබේ අදහස් ගැන කා හට ඉගෙනගත හැකි වේ ද?
18මෙලෙස ප්‍රඥාව මඟින් මිහි පිට අයගේ ගමන් මාර්ගය කෙළින් කරනු ලැබ ඔබට ප්‍රසන්න දේ ඔවුන්ට උගන්වා ගැළවීම ලබා දී ඇත.
Currently Selected:
සලමොන්ගේ ප්‍රඥාව 9: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in