YouVersion Logo
Search Icon

හිතෝපදේශ 3:3-6

හිතෝපදේශ 3:3-6 SNRV

පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න. ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න. එවිට ඔබ, දෙවියන් හා මිනිසුන් අබිමුව ප්‍රසාදයට හා කීර්තියට පාත්‍ර වනු නිසැක ය. හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න. හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත.