YouVersion Logo
Search Icon

නික්මයාම 11:4-8

නික්මයාම 11:4-8 SNRV

එවිට මෝසෙස් පාරාවෝට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: ‘මධ්‍යම රාත්‍රිය පමණේ දී මම මිසර දේශය මැදින් යන්නෙමි. සිහසුන් අරා සිටින පාරාවෝගේ කුලුඳුල් පුත්‍රයා පටන් ඇඹරුම් ගල පිටුපස සිටින සේවිකාවගේ කුලුඳුලා දක්වා, මිසර දේශයේ සිටින සියලු කුලුඳුලන් මැරෙනු ඇත. මෘගයන්ගේ කුලුඳුලෝ ද මැරෙන්නෝ ය. මිසර දේශය පුරා මෙතෙක් නො වූ විරූ මතු ද නො වන මහා අඳෝනාවක් ඇති වන්නේ ය. එහෙත් ඉශ්රායෙල් ජනයා අතර මිනිසෙකුට වත්, මෘගයෙකුට වත් විරුද්ධ ව බල්ලෙකු පවා බුරන්නේ නැත. සමිඳාණන් වහන්සේ වන මා මිසර වැසියන් හා ඉශ්රායෙල් ජනයා අතර වෙනසක් ඇති කළ බව මේ කාරණයෙන් නුඹලා දැනගන්නහු ය. එවිට ඔබේ මේ නිලධාරීහු සියලු දෙනා මා වෙත අවුත් මා හමුවෙහි වැඳ වැටී, ‘නුඹ, නුඹේ පිරිවර සමඟ පලා යනු’යි කියනු ඇත. ඉන්පසු මම නික්ම යන්නෙමි”යි කී ය. මෙසේ කී පසු මෝසෙස් උදහසින් දිළිහෙමින් පාරාවෝ වෙතින් නික්ම ගියේ ය.

Free Reading Plans and Devotionals related to නික්මයාම 11:4-8