YouVersion Logo
Search Icon

2 රාජාවලිය 20:16-18

2 රාජාවලිය 20:16-18 SNRV

එවිට යෙසායා හෙසකියාට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න: ‘බලන්න, නුඹේ ගෙයි තිබෙන සියල්ලත්, නුඹේ පියවරුන් අද දක්වා රැස් කර තිබූ දේවලුත් කිසිවක් ඉතිරි නොකොට බබිලෝනියට ගෙන යන දවස් පැමිණෙන්නේ ය. නුඹ තුළින් නික්මෙන නුඹට දාව උපදින නුඹේ පුත්‍රයන්ගෙන් සමහරෙක් බබිලෝනියේ රජුගේ මාලිගාවෙහි නපුංසකයන් වන පිණිස ගනු ලබන්නෝ ය’ කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.