YouVersion Logo
Search Icon

1 රාජාවලිය 17:10-16

1 රාජාවලිය 17:10-16 SNRV

එහෙයින් ඔහු පිටත් ව ශාරෙපත් නගරයට ගොස් වාසල් දොරටුවට පැමිණි කල, වැන්දඹු ස්ත්‍රියක එහි දර අහුලනු දැක, ඈට අඬගසා, “කරුණාකර, මට බොන්න භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැ”යි කීවේ ය. ඇය එය ගෙනෙන්නට යන අතර ඔහු ඈට අඬගසා, “කරුණාකර, ඔබේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනන්නැ”යි කීවේ ය. එවිට ඈ කතා කොට, “බඳුනක පිටි මිටකුත්, කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටි නැත. ඒවා සාදාගන්නට දර කෑලි දෙකක් අහුලමි. මටත්, මාගේ පුත්‍රයාටත් තිබෙන ඒ අන්තිම කෑම වේල අනුභව කළ පසු නහින්නෙමු යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවා ය. එලියා ඈට කතා කොට, “බිය නොවන්න, ගොස් ඔබ කී හැටියට කරන්න. එහෙත්, පළමුකොට එයින් මට කුඩා රොටියක් සාදා මා ළඟට ගෙනෙන්න; පසු ව ඔබටත්, ඔබේ පුත්‍රයාටත් සාදාගන්න. මන්ද, දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘සමිඳාණන් මිහි පිට වැස්ස එවන දවස දක්වා පිටි බඳුන ඉවර වන්නේ නැත; තෙල් කුලාව අඩු වන්නේ නැතැ’ ”යි කීවේ ය. ඈ ගොස් එලියා කී හැටියට කළා ය. එසේ ඈ ද ඔහු ද ඇගේ ගෙයි වැසියෝ ද බොහෝ‍ දවස් ඒවා අනුභව කළෝ ය. සමිඳාණන් වහන්සේ එලියා ලවා දෙන ලද උන් වහන්සේගේ පණිවුඩය ප්‍රකාර පිටි බඳුන හිස් නො වී ය; තෙල් කුලාව අඩු නො වී ය.

Free Reading Plans and Devotionals related to 1 රාජාවලිය 17:10-16