ගීතාවලිය 54
54
අන්තරායෙන් මිදීමට යැදුමක්
දාවිත්ගේ සංගීතයකි. සිප්වරුන් පැමිණ, “බලන්න, දාවිත් අප අතර සැඟවී සිටින්නේ ය”යි සාවුල්ට කී පසු දාවිත් විසින් ලියන ලද අනුශාසනාවකි.
1 #
1 සාමු 23:19; 26:1 අහෝ දෙවිඳුනි, ඔබ නාමයේ අනුහසින් මා මුදාලුව මැනව;
ඔබ බල මහිමයෙන් මා නිදහස් කළ මැනව;
2දෙවිඳුනි, මාගේ යැදුමට සවන් දුන මැනව;
මා පවසන වදනට ද සවන් දුන මැනව.
3විදේශිකයෝ මට විරුද්ධ ව නැඟිට්ටෝ ය;
සාහසිකයෝ මා මරන්නට සෙවුවෝ ය.
මාගේ අධිපතියාණන් දෙවිඳුන් බව ඔව්හු නොපිළිගත්තෝ ය.
4දෙවිඳාණෝ මාගේ සහායට වඩින සේක;
සමිඳාණෝ මාගේ දිවියට රැකවරණය දෙන සේක.
5මාගේ සතුරන් මට කළ නපුර ඔවුන්ට ම පල දේ වා!
තම විශ්වාසවන්තකම නිසා එතුමාණෝ ඔවුන් සහමුලින් ම වනසාලන සේක් වා!
6තුටුපහටු සිතින් මම ඔබට පඬුරු පුදන්නෙමි.
සමිඳුනි, සැබැවින් ම ඔබ යහපත් බැවින් මම ඔබේ නාමය පසසන්නෙමි.
7එතුමාණෝ සැම විපතින් මා මුදා ලූ සේක.
මා දෙනෙතින් මා සතුරන්ගේ විපත දැක මම සතොස් වන්නෙමි.
Currently Selected:
ගීතාවලිය 54: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

:
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society