ගීතාවලිය 15:1-3
ගීතාවලිය 15:1-3 NRSV
සමිඳුනි, ඔබේ දෙව් මැදුරෙහි කවරෙකුට සිටිය හැක්කේ ද? ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැක්කේ ද? නිදොස් ලෙස කල් යවන, දැහැමි ලෙස වැඩ කරන, අවංක වදන් පවසන තැනැත්තාට ය. ගතු කේළාම් නොකියන, මිතුරාට නපුර නොකරන, අසල්වැසියාට එරෙහි ව කට කතා නොපතුරන තැනැත්තාට ය.





