ගීතාවලිය 104
104
මැවුම්කරුට ප්‍රශංසාවක්
1මාගේ සිත, සමිඳුන් පසසන්න.
මාගේ දෙවි සමිඳුනි, ඔබ ඉතා උතුම් ය, ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක.
2ඔබ ආලෝකය නමැති වස්ත්‍රය හැඳ පැළඳ සිටින සේක;
වියනක් මෙන් අහස විහිදාලන සේක.
3ඔබේ මාලිගාව ඉහළ දිය කඳ මත පිහිටුවන සේක;
වලාකුළු ඔබේ රිය කරගන්න සේක.
4 #
හෙබ්‍රෙ 1:7
සුළඟ ඔබේ දූතයන් ද ගිනි දලු ඔබේ සේවකයන් ද කරගන්න සේක.
5පොළොව කිසි කලෙක නොසැලෙන ලෙස එය තිර පදනමක් මත පිහිටෙවූ සේක.
6උතුරු සළුවකින් මෙන් මහා සයුරෙන් ඔබ එය වැසූ සේක;
ජලයෙන් කඳු හෙල් වැසී ගියේ ය.
7ඔබේ තරවටුවෙන් ජලය පලා ගියේ ය;
ඔබේ තර්ජනයෙන් එය යුහුව ගලා ගියේ ය.
8ජලය කඳු උඩින් ගලා ගියේ ය.
ඔබ සූදානම් කළ ස්ථානය වන මිටියාවතට එය බැස ගියේ ය.
9ජලයෙන් පොළොව යළිත් වැසී නොයන පිණිස ඉක්මවා ගිය නොහැකි සීමාවක් ඔබ එයට නියම කළ සේක.
10සමිඳාණෝ මිටියාවත්වල උල්පත් හටගන්වන සේක.
ඒවා කඳු අතරේ ගලා යයි.
11ඒවා සියලු වන සතුන්ට බීමට දිය දෙයි;
වල් කොටළුවෝ එයින් පිපාසා සංසිඳුවා ගනිති.
12ඒවා අසල, අහසේ පක්ෂීහු කැදලි සාදති;
අතු අතරේ ගී නද දෙති.
13එතුමාණෝ අහස් තලයෙන් කඳුකරයට වැසි වස්වන සේක.
එතුමන්ගේ ආසිරිවලින් පොළොව සාරවත් වන්නේ ය,
14එතුමාණෝ, සිවුපාවුන්ට තණ කොළත්, මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගස් කොළත් පොළොවේ වැඩෙන්නට සලසන සේක.
මිනිසාට ආහාර නිපදවන සේක.
15තවද, ඔබ මිනිසාගේ හද සතුටු කරන මිදියුස ද වත පැහැපත් කරන තෙල ද ගත සවිමත් කරන අහර ද සපයන සේක.
16සමිඳුන් ම පැළ කරවූ ලෙබනොන්හි කිහිරි ගස්,
සමිඳුන්ගේ ම ඒ ගස් බොහෝ වතුර ලබයි.
17කුරුල්ලෝ ඒ ගස්වල කූඩු සාදාගනිති.
මාන කොක්කු දේවදාර ගස් මුදුන්හි කැදලි තනාගනිති.
18වල් එළුවන්ගේ වාසය උස් කඳුවල වේ.
සාවුන්ගේ රැකවරණය පර්වත වේ.
19මාස වෙන් කර දක්වන පිණිස එතුමාණෝ සඳ සෑදූ සේක;
බැස යා යුතු වේලාව හිරු දනියි.
20ඔබ අඳුර පමුණුවන සේක;
එවිට රැය වේ.
එකල සියලු වන මෘගයෝ බැහැරට එති.
21සිංහ පොව්වෝ ගොදුරට සිහ නද කරති.
උන් දෙවිඳුන්ගෙන් ගොදුරු ඉල්ලති.
22හිරු උදා වන කල ඒ සත්තු ආපසු යති;
ගුහාවලට වැද ලැගුම් ගනිති.
23එහෙත් මිනිසා, සවස දක්වා වැඩ කරන පිණිස නික්ම යයි.
24සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද?
ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක.
පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත;
25අර තිබෙන්නේ සුවිසල් සාගරය!
එහි ලොකු කුඩා සත්ත්වයෝ ගණන ඉක්මවා සැරිසරති.
26 #
ජෝබ් 41:1; ගීතා 74:14; යෙසා 27:1 එහි ඔබමොබ නැව් යාත්‍රා කරයි;
ඔබ මැවූ ලෙවියාතන් නම් මුහුදු සර්පයා එහි ක්‍රීඩා කරයි.
27උන්ගේ කෑම නියම කලට ලබන පිණිස උන් සියලු දෙන ඔබ දෙස බලා සිටිති.
28ඔබ උන්ට දෙන දේ උන් එකතු කර ගනිති.
ඔබේ අත විදහන විට උන් කුසගින්න නිවාගනිති.
29ඔබේ මුහුණ ඔබ සඟවන කල උන් කැළඹෙති.
ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී, දූවිලි බවට හැරී යති.
30එහෙත්, ඔබ උන්ට හුස්ම දෙන කල උන් යළිත් මවනු ලබති.
ඔබ පොළෝ තලයට නව දිවියක් දෙන සේක.
31සමිඳුන්ගේ මහිමය සදහට ම පවතී වා!
සමිඳාණෝ තමන් මැවූ සියල්ල ගැන සතුටු වෙත් වා!
32එතුමාණන් පොළොව දෙස බලන කල එය කම්පා වේ;
කඳු ස්පර්ශ කරන කල ඒවායින් දුම් නඟියි.
33මම දිවි ඇති තාක් සමිඳුන්ට ගී ගයන්නෙමි;
පණ ඇති තාක් දෙවිඳුන්ට පසස් ගී ගයන්නෙමි.
34මාගේ භාවනාව සමිඳුන්ට ප්‍රසන්න වේ වා!
මන්ද, මගේ ප්‍රීතිය එන්නේ එතුමන්ගෙන් ය.
35පව්කාරයෝ පොළෝ තලයෙන් විනාශ වී යත් වා!
දුෂ්ටයෝ තවත් ජීවත් නොවෙත් වා!
මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරා වා!
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
Currently Selected:
ගීතාවලිය 104: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

:
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society