හිතෝපදේශ 6:12-16
හිතෝපදේශ 6:12-16 NRSV
සටකපට බස් දොඩමින් ඇවිදින, තැනැත්තේ දුදනෙකි, තක්කඩියෙකි. ඔහු සිය දෙනෙතින් ඉඟි කරයි, දෙපයෙන් හැඟුම් දක්වයි, ඇඟිලිවලින් සංඥා කරයි. ඔහුගේ සිත සටකපට ව ඇත, ඔහු නිතර ම නපුරට කුමන්ත්‍රණය කොට, වාද භේද පතුරුවාලයි. එබැවින් ඔහුගේ නැස්පැත්තිය හදිසියෙන් එයි, ගැළවීමට මඟක් නැති ව, මොහොතකින් ඔහු සුණු වී යයි. සමිඳාණන් නුරුස්සන කරුණු සයකි, එතුමන්ට පිළිකුල් කරුණු සතකි.





