හිතෝපදේශ 26:17-23
හිතෝපදේශ 26:17-23 NRSV
අනුන්ගේ දබරයකට ඇඟිලි ගසන්නා, පාරේ යන බල්ලෙකු උගේ කන් දෙකින් අල්ලාගන්නෙකු හා සමාන ය. තමාගේ අසල්වැසියා රවටමින්, “මම සෙල්ලමට එය කෙළෙමි”යි කියන මිනිසා, තමා වටකර බියකරු ගිනි පෙනෙලි ද මාරක ඊගස් ද විසි කරන පිස්සෙකු වැනි ය. දර නැති තැන ගින්න නිවෙයි; කේළාම් නැති තැන දබර නවතියි. ගිනි අඟුරුවලට මයිනහමත්, ගින්නට දරත් යම් සේ ද දබරයක් ඇවිස්සීමට කලහකාරී මිනිසාත් එසේ ම ය. කටකතා රසවත් අහරකි, එය ගිලගැනීමට කවුරුත් කැමැති ය. නපුරු හදවත් සඟවාගෙන කරන සිනිඳු කතාව රිදී ගෑ මැටි බඳුනක් වැන්න.





