නෙහෙමියා 9:19-21
නෙහෙමියා 9:19-21 NRSV
ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් පාළුකරයෙහි අත් නොහැරිය සේක. මාර්ගයේ ඔවුන් ගෙන ගිය වලා ටැඹ දවාලේ වත්, ඔවුන් යා යුතු මාර්ගයේ දී ඔවුන්ට එළිය දුන් ගිනි ටැඹ රාත්‍රියේ වත් ඔවුන් කෙරෙන් පහ නො වී ය. ඔවුන්ට ගුරුකම් දෙන පිණිස ඔබේ යහපත් ආත්මානුභාවය ඔබ ඔවුන්ට දුන් සේක. ඔවුන්ගේ ආහාරය වූ මන්නා ඔබ ඔවුන්ගෙන් අහක් කර නොගත් සේක. ඔවුන්ගේ පිපාසයේ දී ඔබ ඔවුන්ට වතුර දුන් සේක. එසේ ය, ඔබ හතළිස් අවුරුද්දක් පාළුකරයේ දී ඔවුන් පෝෂණය කළ සේක. ඔවුන්ට කිසි අගහිඟයක් නො වී ය. ඔවුන්ගේ ඇඳුම් පරණ වුණේ වත්, ඔවුන්ගේ පාද ඉදිමුණේ වත් නැත.





