YouVersion Logo
Search Icon

ජෝවෙල් 2:1-11

ජෝවෙල් 2:1-11 NRSV

“සියොන්හි හොරණෑව පිඹින්න; දෙවිඳුන්ගේ ශුද්ධ කන්දේ අනතුරු හඬ නඟන්න. දේශයේ සියලු වැසියෝ වෙවුලත් වා! මන්ද, සමිඳාණන් වහන්සේගේ දවස පැමිණේ. එසේ ය, එය ආසන්න ය. ඒ දවස කළුවර අඳුරු දවසක් ය; වලාකුළු සහිත ගන අඳුරු දවසක් ය. ගන අඳුර කඳු පිට පැතිර යන්නාක් මෙන් මහා හමුදාවක් පැමිණෙන්නේ ය. එවැන්නක් කිසි කලෙක නො වී ය; මතු පරම්පරාවල කවදා වත් නොවන්නේ ය. උන්ට පෙරටුව වනසාලන ගින්න නාස්ති කරයි; උන්ට පස්සෙන් බුර බුරා නඟින ගිනි ජාලාවක් ඇවිලෙයි. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබේ. උන්ට පස්සෙන් එය පාළුකරයක් වන්නේ ය. උන්ගෙන් බේරෙන කිසිවෙක් නැත. පෙනුමට උන් අසුන් වැනි ය; උන් දුවන්නේ රණ අසුන් ලෙස ය. අශ්ව රථ ශබ්දය මෙන් ද ගින්නෙහි දැවෙන ඉපනැලි මෙන් ද සටනට පෙළගැසුණු සේනාවක් මෙන් ද ගිරි කුළු මත පැන පැන උහු යති. උන් ඉදිරියේ ජනයෝ වෙවුලති; සියලු මුහුණු මැලවී යයි. රණ ශූරයන් මෙන් ඔව්හු ඉදිරියට යති; යුද භටයන් මෙන් පවුරට නඟිති; එකිනෙකා නියමිත මඟ ගමන් කරයි. උන් යන විට හැලහැප්පීමක් නැත; මාර්ගයෙන් පිට යාමක් ද නැත. අවි ආයුධ මැදින් කඩා පැන පසු නොබැස ඉදිරියට ම යති. උන් නගරයට කඩා පනිති; පවුරු පිට නැඟ දුවති; නිවෙස් මුදුනට නැඟ සොරුන් මෙන් කවුළුවලින් රිංගා යති. උන් ඉදිරියෙහි පොළොව කම්පා වෙයි; අහස ගුගුරයි; ඉර හඳ අඳුරු වෙයි; තරු තවත් නොබබළයි. සමිඳුන් සිය සේනාවට මහ හඬින් අණ දෙන සේක. භට හමුදාව අතිවිශාල ය; ඒ අණට කීකරු වන්නා අතිබලවන්ත ය; සමිඳුන්ගේ දවස ත්‍රාසජනක ය; අතිභයංකර ය. එය දැරිය හැක්කේ කවරෙකුට ද?”

Verse Image for ජෝවෙල් 2:1-11

ජෝවෙල් 2:1-11 - “සියොන්හි හොරණෑව පිඹින්න;
දෙවිඳුන්ගේ ශුද්ධ කන්දේ අනතුරු හඬ නඟන්න.
දේශයේ සියලු වැසියෝ වෙවුලත් වා!
මන්ද, සමිඳාණන් වහන්සේගේ දවස පැමිණේ.
එසේ ය, එය ආසන්න ය.
ඒ දවස කළුවර අඳුරු දවසක් ය;
වලාකුළු සහිත ගන අඳුරු දවසක් ය.
ගන අඳුර කඳු පිට පැතිර යන්නාක් මෙන් මහා හමුදාවක් පැමිණෙන්නේ ය.
එවැන්නක් කිසි කලෙක නො වී ය;
මතු පරම්පරාවල කවදා වත් නොවන්නේ ය.
උන්ට පෙරටුව වනසාලන ගින්න නාස්ති කරයි;
උන්ට පස්සෙන් බුර බුරා නඟින ගිනි ජාලාවක් ඇවිලෙයි.
උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබේ.
උන්ට පස්සෙන් එය පාළුකරයක් වන්නේ ය.
උන්ගෙන් බේරෙන කිසිවෙක් නැත.
පෙනුමට උන් අසුන් වැනි ය;
උන් දුවන්නේ රණ අසුන් ලෙස ය.
අශ්ව රථ ශබ්දය මෙන් ද ගින්නෙහි දැවෙන ඉපනැලි මෙන් ද සටනට පෙළගැසුණු සේනාවක් මෙන් ද ගිරි කුළු මත පැන පැන උහු යති.
උන් ඉදිරියේ ජනයෝ වෙවුලති;
සියලු මුහුණු මැලවී යයි.
රණ ශූරයන් මෙන් ඔව්හු ඉදිරියට යති;
යුද භටයන් මෙන් පවුරට නඟිති;
එකිනෙකා නියමිත මඟ ගමන් කරයි.
උන් යන විට හැලහැප්පීමක් නැත;
මාර්ගයෙන් පිට යාමක් ද නැත.
අවි ආයුධ මැදින් කඩා පැන පසු නොබැස ඉදිරියට ම යති.
උන් නගරයට කඩා පනිති;
පවුරු පිට නැඟ දුවති;
නිවෙස් මුදුනට නැඟ සොරුන් මෙන් කවුළුවලින් රිංගා යති.
උන් ඉදිරියෙහි පොළොව කම්පා වෙයි;
අහස ගුගුරයි;
ඉර හඳ අඳුරු වෙයි;
තරු තවත් නොබබළයි.
සමිඳුන් සිය සේනාවට මහ හඬින් අණ දෙන සේක.
භට හමුදාව අතිවිශාල ය;
ඒ අණට කීකරු වන්නා අතිබලවන්ත ය;
සමිඳුන්ගේ දවස ත්‍රාසජනක ය;
අතිභයංකර ය.
එය දැරිය හැක්කේ කවරෙකුට ද?”

Free Reading Plans and Devotionals related to ජෝවෙල් 2:1-11