ජෙරමියා 16
16
ජුදාට පැමිණෙන විපත්ති
1සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක: 2“මේ ස්ථානයෙහි නුඹ ස්ත්‍රියක සරණ පාවා නොගන්න. දරුදැරියෝ ද නුඹට නොසිටිත් වා! 3මෙහි උපදින දරුදැරියන්ටත්, ඔවුන් දැරූ මවුවරුන්ටත්, ඔවුන් ජනිත කළ පියවරුන්ටත් සිදු වන්න යන දේ මම නුඹට කීවෙමි. 4ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝ ය; කිසිවෙක් ඔවුන් ගැන නොවැලපෙන්නෝ ය; ඔව්හු වළලනු නොලබති; බිම ඇති කසළ මෙන් වන්නෝ ය. ඔව්හු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වන්නෝ ය; ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය.
5“වැලපීම ඇති නිවෙසට ඇතුළු නොවන්න; ළතෝනි කියන්නට නොයන්න; ඔවුන් ගැන ශෝක නොවන්න. මාගේ සාමදානයත්, ස්ථිර ප්‍රේමයත්, අනුකම්පාවත් මේ සෙනඟගෙන් ඉවත් කරගතිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 6මේ දේශයේ ලොකු කුඩා අය මැරෙනු ඇත. ඔවුන් වළලනු ලබන්නේ වත්, කිසිවෙකු ඔවුන් ගැන විලාපයක් කියන්නේ වත් නැත. කිසිවෙකු ශෝකයෙන් සිය ශරීරය කපාගන්නේ වත්, හිස මුඩු කරගන්නේ වත් නැත. 7මළවුන් නිසා වියෝ දුක ඇති අයෙකුගේ සැනසීම සඳහා ඔහු සමඟ දානයක් වළඳන කෙනෙක් නොවන්නෝ ය; දෙමවුපියන් නිසා ඔහුට සැනසීමේ කුසලාන දෙන කෙනෙක් ද නොවන්නෝ ය.
8“මංගල භෝජනයක් පවත්වන ගෙදරකට ඇතුළු නොවන්න. එහි සිටින්නන් සමඟ කන බොන පිණිස වාඩි නොවන්න. 9ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන, සියලු බලැති ස්වාමීන් වන මා කියන දේට සවන් දෙන්න. ඔවුන්ගේ ඇස් හමුයෙහි ම, ඔවුන් ජීවත් ව සිටින කාලයේ දී ම ප්‍රීති ප්‍රමෝද නාදය ද මනාලයා සහ මනාලියගේ හඬ ද මේ ස්ථානයෙන් මම තුරන් කරන්නෙමි.#ජෙර 7:34; 25:10; එළිද 18:23
10“නුඹ මේ කරුණු මේ සෙනඟට දැන්වූ විට ඔවුන් නුඹෙන් මෙසේ අසනු ඇත: ‘මේ සියලු බරපතල විපත්ති සමිඳාණන් වහන්සේ අප පිට පැමිණෙව්වේ මන් ද? අපේ අපරාධය කුමක් ද? අපේ දෙවි ස්වාමීන් වහන්සේට විරුද්ධ ව අප කළ පාපය කුමක් ද?’ ” 11එවිට සමිඳාණන් වහන්සේ මෙසේ කියනු ඇතැ යි ඔවුන්ට කියන්න. ‘නුඹලාගේ පියවරු මා අත්හැර අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවය කර, නමස්කාර කර, මා අත්හැර දමා මාගේ ව්‍යවස්ථාව ද නොපැවැත්වූ හ. 12නුඹලා නුඹලාගේ පියවරුන්ටත් වඩා නපුරු ලෙස ක්‍රියා කර ඇත. නුඹලා මට සවන් නො දී, නුඹලාගේ මුරණ්ඩු නපුරු සිතුවිලි අනුව හැසිරෙන්නහු ය. 13එබැවින්, නුඹලා වත්, නුඹලාගේ පියවරුන් වත් දැන නොගත් දේශයකට මම නුඹලා නෙරපාදමන්නෙමි. එහි නුඹලා රෑ දහවල් අන් දෙවිවරුන්ට සේවය කරනු ඇත. මම නුඹලාට කිසි අනුකම්පාවක් නොදක්වමි.’
14“ ‘ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමය’ කියා තවත් දිවුරන්නට නොහැකි කාලය පැමිණෙන්නේ ය. 15ඒ වෙනුවට, ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් විසුරුවා හැරි දේශවලින් ද ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමය’ කියා දිවුරන කාලය පැමිණෙන්නේ ය. මා ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
16“මේ සෙනඟ අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝ දෙනෙකු එවන්නෙමි. ඉන්පසු සියලු කඳුවල ද සියලු හෙල්වල ද පර්වත විවරවල ද දඩයමින් මෙන් ඔවුන් ගෙනෙන පිණිස දඩයම්කාරයන් මම එවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 17ඔවුන් කරන සියලු දේ මට පෙනේ; කිසිවක් මාගෙන් සැඟවී නැත; ඔවුන්ගේ අයුතුකම් මාගේ ඇස් ඉදිරියෙන් සැඟවී නැත. 18මළකඳන් වැනි අශික්ෂිත පිළිමවලින් ඔවුන් මාගේ දේශය දූෂණය කර, දේශය පිළිකුල් කටයුතු දෙවිවරුන්ගෙන් පුරවා ඇති නිසා මම ඔවුන්ගේ අයුතුකමටත්, පාපයටත් දෙගුණයක් ප්‍රතිවිපාක ගෙන දෙන්නෙමි.”
ජෙරමියාගේ යැදීම
19සමිඳුනි, ඔබ වහන්සේ මාගේ බලය ද බලකොටුව ද විපත්ති දවසේ දී මාගේ රැකවරණය ද වන සේක. විජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙත අවුත් කතා කොට, “අපේ පියවරු වැඩකට නැති බොරු දෙවිවරුන්ට ගැති ව සිටියහ. 20මිනිසෙකුට තමා උදෙසා ම දෙවිවරුන් සාදාගත හැකි ද? නැත. ඒවා ඇත්තට ම දෙවිවරු නොවෙති”යි කියති.
21“එබැවින් මාගේ බලයත්, මාගේ පරාක්‍රමයත් මේ වතාවේ නිශ්චය වශයෙන් ඔවුන්ට දැනගන්නට සලස්වන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇතැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
Currently Selected:
ජෙරමියා 16: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: