YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 7:1-10

හෙබ්‍රෙව් 7:1-10 NRSV

මේ මෙල්කිසදෙක් තෙමේ සාලෙම්හි රජ ද පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජකයෙක් ද විය. ආබ්‍රහම් රජවරුන් පලවා හැර පෙරළා එද්දී මේ මෙල්කිසදෙක් ඔහු හමු වී ඔහුට ආශීර්වාද කෙළේ ය. ආබ්‍රහම් තමා සතු සියල්ලෙන් දසයෙන් කොටස ඔහුට දුන්නේ ය. පළමු ව මෙල්කිසදෙක් යන නාමයේ අර්ථය ‘ධර්මිෂ්ඨකමේ රජු’ යනුයි. දෙවනු ව, ඔහු සාලෙම්හි රජ වූ බැවින්, ඔහුගේ නාමයේ අර්ථය ‘සාමයේ රජු’ යනු ද විය. තවද ඔහුගේ පියාගේ හෝ මවගේ හෝ පෙළපත ගැනවත්, උපත හෝ මරණය හෝ ගැනවත් සටහනක් නැත. මේ තෙමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් හා සමාන ය; ඔහු සදහට ම පූජකයෙක් ව සිටියි. මෙසේ මොහු කොතරම් ශ්‍රේෂ්ඨ දැ යි කල්පනා කරන්න. ආදි පිතෘවර ආබ්‍රහම් පවා තමා පැහැරගත් දෙයින් දසයෙන් කොටස ඔහුට දුන්නේ ය. ලෙවීගේ පුත්‍රයන් අතරෙන් පූජක පදවිය ලබන්නෝ ව්‍යවස්ථාව අනුව ජනතාවගෙන්, එනම්, ආබ්‍රහම්ගෙන් පැවත එන සිය සොහොයුරන්ගෙන් පවා, දසයෙන් කොටස ගන්නට බලය ලැබ සිටිති. එහෙත් ඔවුන්ගේ පෙළපතට ඇතුළත් නො වූ මේ තැනැත්තා දසයෙන් කොටස ආබ්‍රහම්ගෙන් ලබාගෙන, පොරොන්දු හිමි වූ ඔහුට ආශීර්වාද කෙළේ ය. ආශීර්වාද කරන්නේ උසස් අය විසින් පහත් අයට බව වාද රහිත ය. එක අතකින් දසයෙන් කොටස ලබන පූජකයෝ මිය යන්නෝ වෙති; අනෙක් අතින් දසයෙන් කොටස ලැබූ මෙල්කිසදෙක් ජීවමාන ව සිටින බවට සහතිකයක් ලද්දෙකි. ඇරත් දසයෙන් කොටස ලැබූ ලෙවී පවා ආබ්‍රහම් හේතුකොටගෙන දසයෙන් කොටස ගෙවූ බව කිව හැකි ය. මන්ද, මෙල්කිසදෙක් ආබ්‍රහම්ට හමු වූ විට ලෙවී තම ආදි පියා තුළ සිටියේ ය.

Free Reading Plans and Devotionals related to හෙබ්‍රෙව් 7:1-10