එස්තර් 2:16-17
එස්තර් 2:16-17 NRSV
මෙසේ එස්තර් තොමෝ අහෂ්වේරොෂ් රජුගේ රජකම් කිරීමේ සත් වන අවුරුද්දේ තේබෙත් නම් දස වන මාසයේ දී රජ මැදුරට රජු වෙත ගෙනයනු ලැබුවා ය. රජ ද සියලු ම ස්ත්‍රීන්ට වඩා එස්තර්ට පෙම් කොට, සියලු කන්‍යාවන්ට වඩා ඈට කරුණාව ද ආදරය ද පෙන්වා, ඇගේ හිසේ රාජ කිරීටය තබා, වස්තී බිසව වෙනුවට ඇය බිසව කරගත්තේ ය.





