1 වංශාවලියේ 10
10
සාවුල් රජුගේ මරණය
(1 සාමු 31:1-13)
1පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කළෝ ය. ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගොස් ගිල්බොවා කන්දේ මැරී වැටුණෝ ය. 2පිලිස්තිවරු සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ලුහුබැඳ එළවාගෙන ගොස් සාවුල්ගේ පුත් ජොනතන් ද අබිනාදාබ් ද මල්කී-ෂුවා ද මැරූ හ. 3සටන සාවුල්ට විරුද්ධ ව තදබල විය. ඔහු දුනුවායන්ට අසු වී දුනුවායන් විසින් තුවාළ කරනු ලැබී ය. 4එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කතා කොට, “අර අචර්මඡේදිතයන් අවුත්, මට අවමන් නොකරන පිණිස ඔබේ කඩුව ඇද මට අනින්නැ”යි කී ය. එහෙත්, ඔහුගේ ආයුධ ගෙනයන්නා ඊට කැමැති වූයේ නැත. ඔහු එසේ කරන්නට බොහෝ සෙයින් බිය විය. එබැවින් සාවුල් තමාගේ කඩුව ගෙන තෙමේ ම එය පිට වැටුණේ ය. 5සාවුල් මැරුණ බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දැක, ඔහුත් තමාගේ කඩුව පිට වැටී මළේ ය. 6මෙසේ සාවුල් ද ඔහුගේ පුත්‍රයෝ තුන්දෙනා ද මළෝ ය. ඔහුගේ පවුලේ සියල්ලෝ එක විට මැරුණෝ ය. 7ඉශ්රායෙල් මිනිසුන් පලා ගිය බවත්, සාවුල් සහ ඔහුගේ පුත්‍රයන් මැරුණු බවත් මිටියාවතෙහි සිටි සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයෝ දැක තමන්ගේ නගර අත්හැර පලා ගියහ. පිලිස්තිවරු අවුත් එහි වාසය කළෝ ය.
8තවද, පසු දා පිලිස්තිවරු මැරුම්කෑවුන්ගෙන් කොල්ලය ගන්නට පැමිණි කල, සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ගිල්බොවා කන්දේ වැටී සිටිනු දුටුවෝ ය. 9ඔව්හු ඔහුගේ ඇඳුම් ගලවා, ඔහුගේ හිසත් ආයුධත් රැගෙන, තමන්ගේ දේවාල වලත් සෙනඟටත් ප්‍රකාශ කරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි ඒවා යැවූ හ. 10ඔහුගේ ආයුධ ඔව්හු තමන්ගේ දෙවියන්ගේ ගෘහයෙහි තබා ඔහුගේ හිස දාගොන්ගේ ගෘහයෙහි එල්ලා තැබූ හ. 11ජාබෙෂ්-ගිලියද්හි සියල්ලන් පිලිස්තිවරුන් සාවුල්ට කළ සියල්ල ඇසූ විට, 12සියලු නිර්භීත මනුෂ්‍යයෝ පිටත් ව ගොස්, සාවුල්ගේ ශරීරය ද ඔහුගේ පුත්‍රයන්ගේ ශරීර ද රැගෙන ජාබෙෂ්ට අවුත්, ඔවුන්ගේ ඇටකටු ජාබෙෂ්හි ආලෝන ගස යට වළලා සත් දවසක් නිරාහාර ව සිටියහ.
13 #
ලෙවී 19:31; 20:6; 1 සාමු 13:8-14; 15:1-24; 28:7-8 සමිඳාණන් වහන්සේගේ වචනය රක්ෂා නොකිරීමෙන් උන් වහන්සේට විරුද්ධ ව කළ වරද නිසාත්, උන් වහන්සේගෙන් නොවිචාරා ආත්මබන්ධනකාරියකගෙන් කරුණු අසා විචාළ නිසාත් සාවුල් මෙසේ නැසුණේ ය. 14ඒ නිසා උන් වහන්සේ ඔහු නසා, රජකම අහක් කොට ජෙස්සේගේ පුත් දාවිත්ට එය දුන් සේක.
Currently Selected:
1 වංශාවලියේ 10: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: