YouVersion Logo
Search Icon

ගීතාවලිය 87

87
සියොනේ තේජස
කෝරාගේ පුත්‍රයන්ගේ කාව්‍ය ගීතයකි.
1උන්වහන්සේගේ [නුවර] අත්තිවාරම ශුද්ධ කඳුවලය.
2 ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ වාසස්ථාන සියල්ලට වඩා සියොන් දොරටුවලට ප්‍රේමවනසේක.
3එම්බා දෙවියන්වහන්සේගේ නුවර, නුඹ ගැන කීර්තිමත් දේ කියා තිබේ.
4මා අඳුනන්නන් අතරෙහි මෙන් රාහබ් සහ බබිලෝනිය ගැන සඳහන්කරන්නෙමි.
පිලිස්තියා සහ තීර්ද කූෂ් රටද බලව;
මේ තෙමේ එහි උපන්නේය.
5එසේය, සියොන් ගැන:
ඔහුද මොහුද ඈ තුළ උපන්නේයයි කියනු ලබන්නේය;
මහෝත්තමයාණෝම ඈ ස්ථිර කරනසේක.
6 ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන්ගේ නම් ලියන කල:
මේ තෙමේ එහි උපන්නේයයි ගණන්ගන්නාසේක.
7ගී කියන්නෝද නටන්නෝද:
මාගේ උල්පත් සියල්ල නුඹ තුළෙහියයි කියන්නෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in