ගීතාවලිය 67
67
ඉශ්‍රායෙල් කරණකොටගෙන ලෝකයාට ආශීර්වාද ඉල්ලීම
නායක වාද්‍යකරුටයි; වීණා ඇතුව ගායනාකිරීමට කාව්‍ය ගීතයකි.
1පොළොවෙහි ඔබගේ මාර්ගයද සියලු ජාතීන් අතරේ ඔබගේ ගැළවීමද ප්‍රකාශවෙන පිණිස
2දෙවියන්වහන්සේ අපට කරුණා කරනසේක්වා, ආශීර්වාදකරනසේක්වා, ස්වකීය මුහුණ අප කෙරෙහි බබළවනසේක්වා.
3දෙවියන්වහන්ස, මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා;
සියලු මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා.
4ජාතීහු සන්තෝෂව ප්‍රීතියෙන් ගී කියත්වා.
මක්නිසාද ඔබ යුක්තියෙන් මනුෂ්‍ය වර්ගයන් විනිශ්චයකරනසේක, පොළොවේ ජාතීන් පාලනය කරනසේක.
5දෙවියන්වහන්ස, මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා;
සියලු මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා.
6පොළොව ස්වකීය වර්ධනය දී තිබේ.
දෙවියන්වහන්සේ, එනම් අපේම දෙවියන්වහන්සේ, අපට ආශීර්වාද කරනසේක.
7දෙවියන්වහන්සේ අපට ආශීර්වාද කරනසේක;
පොළොවේ සියලු සීමාවෝද උන්වහන්සේට භයවන්නෝය.
Currently Selected:
ගීතාවලිය 67: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society