ගණන් කථාව 6:1-8
ගණන් කථාව 6:1-8 SROV
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් ඔවුන්ට මෙසේ කියන්න–පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ ස්වාමීන්වහන්සේට කැපවී සිටීම පිණිස භාරයක් එනම් නසරීයයෙකුගේ භාරයක් වෙන කල, ඔහු මුද්‍රිකපානයෙන්ද මද්‍යපානයෙන්ද වැලකී සිටිය යුතුය; ඔහු මුද්‍රික කාඩිවත් මද්‍යපාන කාඩිවත් නොබිව යුතුය, මුද්‍රික ඵලවලින් සාදන කිසි බීමක්ද නොබිව යුතුය, අමු මුද්‍රික ඵල හෝ වේළුණ මුද්‍රික ඵල හෝ නොකෑ යුතුය. ඔහු තමාගේ කැපවී සිටීමේ සියලු දවස්වල මදේ පටන් ලෙල්ල දක්වා මුද්‍රික වැළෙන් සාදන කිසි දෙයක් නොකා සිටියයුතුය. ඔහු තමාගේ කැපව සිටීමේ භාරයේ සියලු දවස්වල ඔහුගේ හිසෙහි කිසි දැළි පිහියක් නොතිබිය යුතුය. ඔහු ස්වාමීන්වහන්සේට වෙන්ව සිටින දවස් සම්පූර්ණවන තෙක් ශුද්ධව සිටින්නේය, තමාගේ හිසකේ වැඩෙන්ට හරින්නේය. ඔහු ස්වාමීන්වහන්සේට කැපවී සිටින සියලු දවස්වල මෘත ශරීරයක් ළඟට නොයා යුතුය. ඔහු තමාගේ පියා නුමුත් මවු නුමුත් සහෝදරයා නුමුත් සහෝදරී නුමුත් මැරුණුකල ඔවුන් නිසා අපවිත්‍ර නොවිය යුතුය. මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේට කැපවී සිටීමේ භාරය ඔහුගේ හිස පිට තිබේ. ඔහු කැපව සිටින සියලු දවස්වල ඔහු ස්වාමීන්වහන්සේට ශුද්ධය.


