ශු. යොහන් 10:1-5
ශු. යොහන් 10:1-5 SROV
සැබවක් සැබවක් නුඹලාට කියමි–දොරකඩින් බැටළුගාලට ඇතුල් නොවී වෙන මගකින් නැගී එන්නා සොරෙක්ද කොල්ලකන්නෙක්ද වේ. නුමුත් දොරකඩින් ඇතුල්වෙන්නා බැටළුවන්ගේ එඬේරාය. ඔහුට දොරටු පාලයා දොර හරියි; බැටළුවෝ ඔහුගේ හඬ අසති. ඔහු තමාගේම බැටළුවන්ගේ නම් කියා අඬගසා උන් පිටතට ගෙනයයි. ඔහු තමාගේම සියලු බැටළුවන් පිටතට හැරියාම ඔහු උන්ට පෙරටුව යයි, බැටළුවෝද ඔහුගේ හඬ අඳුනන බැවින් ඔහු පස්සේ යති. උන් අන්‍යයන්ගේ හඬ නාඳුනන බැවින් අන්‍යයෙකු පස්සේ නොගොස් ඔහු වෙතින් පලායන්නේයයි කීසේක.





