ජෙරෙමියා 6
6
හැරෙන්ට අකැමැතිවූ සෙනඟ සතුරා විසින් විනාශකරන බව
1බෙන්යමින් පුත්‍රයෙනි, යෙරුසලම තුළින් පලාගොස්, තෙකෝවාහි හොරණෑ පිඹ, බෙත්-හක්කෙරෙම් උඩ ලකුණක් නගන්න. මක්නිසාද විපත්තියක්ද මහත් විනාශයක්ද උතුරෙන් පැමිණෙන්ට ළඟය. 2ශෝභනවූ සිව්මැළිවූ තැනැත්තී වන සියොන් දුව සිඳදමන්නෙමි. 3එඬේරු ඔවුන්ගේ රැළවල් ඇතුව ඈ ළඟට එන්නෝය; ඔව්හු ඈට විරුද්ධව වටකර තමුන්ගේ කූඩාරම් පිහිටුවා, තම තමුන් සිටින තැන්වලදී උන් කවන්නෝය. 4තවද ඔවුන් කථාකොට: ඈට විරුද්ධව යුද්ධය පිළියෙළ කරන්න; නැගිටින්න, අපි ඉරමුදුන් වේලාවේදීම නැගීයමුව. අනේ අපට දුක්වේ! මක්නිසාද දවාල පහවන්නේය, සවස් සෙවණැලි දික්වන්නේය. 5නැගිටින්න, අපි රාත්‍රියෙහි ගොස් ඇගේ මාළිගා විනාශකරමුයයි කියනවා ඇත. 6මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: ගස් කපා, යෙරුසලමට විරුද්ධව ගොඩැල්ලක් නගන්න. දඬුවම් ලැබිය යුතු නුවර මේකය; එහි තුළ තිබෙන්නේ බලාත්කාරකමමය. 7ළිඳකින් වතුර උනන්නාක්මෙන් ඒකේ නපුරුකම උනාඑන්නේය. බලාත්කාරයත් පීඩාවත් එහි ඇසෙන්නේය; වේදනාවද පහරදීමද නිතරම මා ඉදිරියෙහි ඇත්තේය. 8එම්බා යෙරුසලම, මාගේ ආත්මය නුඹෙන් වෙන්වී නොයන පිණිසත් මා විසින් නුඹ පාළුවක්ද වැසියන් නැති දේශයක්ද නොකරන පිණිසත් දැනමිතිකම් ලබන්න.
9සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉතුරු මිදිඵල දෙවනුව නෙළාගන්නාක්මෙන් ඉශ්රායෙල්වරුන්ගෙන් ඉතුරුවෙන අයට කරනු ලබන්නේය. මිදිඵල නෙලාගන්න කෙනෙකු මෙන් නුඹේ අත නැවත නැවත රිකිලිවලට පොවන්න. 10අසන හැටියට මම කාට කථාකර අවවාදකරම්ද? ඔවුන්ගේ කන් අචර්මඡේදිත නිසා ඔවුන්ට ඇහුම්කන්දෙන්ට බැරිය. මෙන්න ස්වාමීන්වහන්සේගේ වචනය ඔවුන්ට නින්දාවක් වී තිබේ; ඔව්හු ඊට ප්‍රිය නොවෙති. 11ඒ නිසා මම ස්වාමීන්වහන්සේගේ කෝපයෙන් පිරී සිටිමි; එය දැරීමෙන් වෙහෙසවී සිටිමි. වීථියේ ඉන්න ළමයින් පිටත් යෞවනයන්ගේ සභාව පිටත් එය එකවිට වගුරුවන්න. මක්නිසාද පුරුෂයා භාර්යාව සමඟද වැඩිමහල්ලා වයසින් පූර්ණවූ තැනැත්තා සමඟද අසුවන්නේය. 12ඔවුන්ගේ ගෙවල්ද කෙත්ද භාර්යාවෝද එකට අන්‍යයන්ට අයිතිවන්නෝය. එසේය, දේශයේ වැසියන්ට විරුද්ධව මාගේ අත දිගුකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. 13මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම අයුතු ලාභය අනුව යති; ප්‍රොපේතවරයා පටන් පූජකයා දක්වා සියල්ලෝම වංචාකම් කරති. 14සමාදානය නැතුව තිබෙද්දී: සමාදානයය, සමාදානයය කියා මාගේ සෙනඟගේ තුවාලයද ඔව්හු මඳක් සුවකර තිබේ. 15ඔව්හු පිළිකුල් දේ කළ නිසා ලජ්ජාවූවෝද? නැත, ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුණේවත් නැත. එබැවින් වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනවා ඇත. මා විසින් ඔවුන්ට දඬුවම්කරන කාලයෙහි ඔව්හු පැකිල වැටෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
16නුඹලා මාර්ගවල නැවතී සිට බලා, හොඳවූ මාර්ගය කොයි එකද කියා පුරාණ මාවත් ගැන අසාගන එහි යන්න, එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුමුත් ඔව්හු: අපි එහි නොයන්නෙමුයයි කීවෝය. 17මමද ඔවුන් කෙරෙහි රැකවලුන් පත්කොට: හොරණෑ ශබ්දයට ඇහුම්කන්දෙන්නැයි කීවෙමි; නුමුත් ඔව්හු: අපි ඇහුම්කන් නොදෙන්නෙමුයයි කීවෝය. 18එබැවින් ජාතීනි, අසන්න, එම්බා සමූහයෙනි, ඔවුන් අතරේ සිද්ධවෙන දේ දැනගන්න. 19එම්බා පොළොව, අසන්න මෙන්න, මේ සෙනඟ මාගේ වචනවලට ඇහුම්කන් නොදී, මාගේ ව්‍යවස්ථාව එපාකළ හෙයින්, මම ඔවුන්ගේ යෝජනාවල ප්‍රතිඵලය වන විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි. 20ෂෙබායෙන් කට්ටකුමංචල්ද දුර දේශයකින් මිහිරි සුවඳ දඬුද මට ගෙනෙන්නේ කුමටද? නුඹලාගේ දවන පූජා මට ප්‍රසන්න නැත, නුඹලාගේ යාගද මට ප්‍රිය නැත. 21එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මේ සෙනඟ ඉදිරියෙහි පැකිලවන දේවල් තබමි. පියවරු සහ පුත්‍රයෝද අසල්වාසියා සහ ඔහුගේ මිත්‍රයාද එක්ව ඒවායේ පැකිල විනාශවන්නෝය.
22 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අන්න, උතුරු දේශයෙන් සෙනඟක් එති; මහත් ජාතියක්ද පොළොවේ ඉතා දුර තැන්වලින් නැගිටිනවා ඇත. 23ඔව්හු දුනු හා හෙල්ල දරති; ඔව්හු කෲරය, කරුණාවක් නැත්තෝය; ඔවුන්ගේ හඬ මුහුද මෙන් ඝෝෂාකරයි; එම්බා සියොන් දුව, නුඹට විරුද්ධව යුද්ධකරන්ට ඔවුන් සියලුදෙනා එක්කෙනෙකු මෙන් පේළිගැසී අශ්වයන් පිට නැගී එති. 24ඒ ප්‍රවෘත්තිය අප විසින් අසා තිබේ; අපේ අත් දුර්වලවී තිබේ. දුක්ද බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් වේදනාවද අපට අල්ලා තිබේ. 25කෙතට නොයන්න, මාර්ගයෙහි නොයන්න; මක්නිසාද සතුරාගේ කඩුවද හැම අතින්ම භීතියද තිබේ. 26මාගේ දියණිය වන සෙනඟෙනි, ගෝණිරෙදි බැඳගෙන අළුවල පෙරළී ඉඳ, එකම පුත්‍රයෙකු උදෙසා මෙන් ඉතා දුක් සහිත විලාපයකින් වැලපෙන්න; මක්නිසාද විනාශකරන්නා හදිසියෙන් අපට විරුද්ධව එනවා ඇත. 27නුඹ මාගේ සෙනඟගේ මාර්ගය විභාගකර දැනගන්නා පිණිස මම නුඹ ඔවුන් අතරෙහි විභාගකරන්නෙක්ද බලකොටුවක්ද කෙළෙමි. 28ඔවුන් සියල්ලෝම මුරණ්ඩුවූ කැරළිකාරයෝව, කේලාම් කියා ඇවිදින්නෝව, පිත්තල හා යකඩ වැනිව සිටිති. සියල්ලෝම දූෂ්‍යකම් කරන්නෝය. 29මයිනහම සැරෙන් පිඹිනු ලැබේ; ඊයම්ද ගින්නෙන් දා ගියේය. ඔවුන්ගේ උණුකිරීම නිෂ්ඵලය; මක්නිසාද දුෂ්ටයෝ වෙන්කරනු නොලද්දෝය. 30ස්වාමීන්වහන්සේ ඔවුන් එපාකළ නිසා: වටේට රිදීයයි මනුෂ්‍යයෝ ඔවුන්ට නම් තබන්නෝය.
Currently Selected:
ජෙරෙමියා 6: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: