එපීස 2:16-22
එපීස 2:16-22 SROV
කුරුසියෙන් සතුරුකම නැසූ බැවින් දෙගොල්ලම එක ශරීරයක් කොට, කුරුසිය කරණකොටගෙන දෙවියන්වහන්සේට සමගිකරදෙන පිණිසත්ය. උන්වහන්සේ ඇවිත් දුර සිටියාවූ නුඹලාට සමාදානයද, ළඟ සිටියවුන්ට සමාදානයද දේශනාකළසේක. මක්නිසාද උන්වහන්සේ කරණකොටගෙන අප දොගොල්ලට එක ආත්මයාණන්වහන්සේ තුළ පියාණන්වහන්සේ ළඟට පැමිණීමේ පුළුවන්කම තිබේ. ඒ නිසා නුඹලා තවත් විදේශියෝවත් ආගන්තුකයෝවත් නොව, ශුද්ධවන්තයන් සමඟ එක නුවර වැසියෝව දෙවියන්වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නහුය. නුඹලා ප්‍රේරිතයන්ගෙත් ප්‍රොපේතවරුන්ගෙත් අත්තිවාරම පිට ඉදිකරනු ලැබ සිටින්නහුය. ක්‍රිස්තුස් යේසුස්වහන්සේම එහි කොණේ ප්‍රධාන ගලව සිටිනසේක. උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතුකරනලදුව, ස්වාමීන්වහන්සේ තුළ ශුද්ධවූ මාළිගාවක්ව සෑදීගනයන්නේය. උන්වහන්සේ තුළ නුඹලාත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගනලද්දහුය.





