2 රාජාවලිය 19
19
හෙසකියා විසින් යෙසායාට කළ අයදුම
1හෙසකියා රජ ඒ අසා තමාගේ ඇඳුම් ඉරා, ගෝණි රෙදි පෙරවාගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වුණේය. 2තවද ඔහු රජගෙදර ප්‍රධානියා වන එලියාකිම්ද ෂෙබ්නා ලේකම්ද පූජකයන්ගේ වැඩිමහල්ලන්ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘ ළඟට ඇරියේය. 3ඔව්හු ඔහුට කථාකොට: හෙසකියා මෙසේ කියන්නේය–අද දවස දුකද තරවටුවද අපහාසයද ඇති දවසක්ය. මක්නිසාද ළදරුවෝ බිහිවෙන්ට ළංව සිටිති, නුමුත් බිහිකරන්ට ශක්තිය නැත. 4ජීවමාන දෙවියන්වහන්සේට අපහාස කරන්ට අෂූර්හි රජු විසින් එවුවාවූ, ඔහුගේ සේවකවූ රබ්-ෂාකේගේ සියලු වචන සමහරවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අසා ඒ ඇසූ වචනවලට උන්වහන්සේ ප්‍රති තර්ජනයක් කරනසේක. එබැවින් තවම ඉතුරුව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පුකරන්නැයි කියන්නේයයි කීවෝය. 5මෙසේ හෙසකියා රජුගේ මෙහෙකරුවෝ යෙසායා ළඟට පැමුණුණෝය. 6යෙසායා ඔවුන්ට කථාකොට: නුඹ ඇසුවාවූ, අෂූර්හි රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කීවාවූ වචනවලට භයනොවන්න. 7ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරීයන ලෙස මම ඔහු පිටට ආත්මයක් පමුණුවා, ඔහුගේ දේශයේදී ඔහු කඩුවෙන් වැටෙන්ට සලස්වන්නෙමියි කියනසේකැයි නුඹලාගේ ස්වාමියාට දන්වන්නැයි කීවේය.
8අෂූර්හි රජු ලාකීෂ්හි සිට පිටත්ව ගිය බව රබ්-ෂාකේ අසා හැරීගිය විට, ඔහු ලිබ්නාට විරුද්ධව යුද්ධකරන බව දැනගත්තේය. 9කූෂ්හි රජවූ තිර්හාකා රජ නුඹට විරුද්ධව යුද්ධකරන්ට එන්නේයයි ඔහුට සැලවිය. එවිට ඔහු හෙසකියා ළඟට නැවත පණිවිඩකාරයන් එවා: 10නුඹලා යූදාහි රජවූ හෙසකියාට මෙසේ කියන්න–අෂූර්හි රජු අතට යෙරුසලම අසුනොවන්නේය කියා නුඹ විශ්වාසකරන නුඹේ දෙවියන්වහන්සේට නොරැවටෙන්න. 11මෙන්න, අෂූර්හි රජවරුන් සියලු දේශවලට කළ දේ එනම් ඒවා විනාශකර දැමූ බව නුඹ අසා තිබේ. එසේ නම් නුඹ ගැළවෙනවා ඇද්ද? 12මාගේ පියවරුන් විසින් නැතිකළාවූ ගෝසාන්ද හාරාන්ද රෙශෙප්ද තෙලෙස්සාර්හි සිටි ඒදෙන් පුත්‍රයන්ද යන ජාතීන්ගේ දෙවිවරු ඔවුන් ගළවාගත්තෝද? 13හමාත්හි රජද අර්පාද්හි රජද සෙපර්වයිම් නුවරෙත් හේනාහිත් ඉව්වාහිත් රජද කොතැනදැයි කියන්නැයි කීවේය. 14හෙසකියා පණිවිඩකාරයන් අතින් ලියුම ගෙන කියවා, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගොස්, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒක විදහා පා, 15ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤාකරමින්: කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබම, ඔබ පමණක්ම දෙවියන්වහන්සේය; ඔබ අහසත් පොළොවත් මැවූසේක. 16ස්වාමීන්වහන්ස, ඔබගේ කන නමා ඇසුවමැනව; ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන්වහන්සේට අපහාසකරන පිණිස සෙනකෙරිබ් කියා එවූ වචන ඇසුව මැනව. 17ස්වාමීන්වහන්ස, අෂූර්හි රජවරුන් ජාතීන්ද ඔවුන්ගේ දේශවල්ද පාළුකොට 18ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑය. මක්නිසාද ඒවා දෙවිවරු නොව මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්තයවූ ලී සහ ගල් ව තිබුණේය; ඒ නිසා ඔව්හු ඒවා විනාශකළෝය. 19එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබම, ඔබ පමණක්ම ස්වාමිවූ දෙවියන්වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ අතින් අප ගැළෙවුව මැනවයි කීවේය.
20එවිට ආමොස්ගේ පුත්‍රවූ යෙසායා හෙසකියාට මෙසේ කියා ඇරියේය: අෂූර්හි රජවූ සෙනකෙරිබ් ගැන නුඹ මට කළ යාච්ඤාව මම ඇසීමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක. 21ඔහු ගැන ස්වාමීන්වහන්සේ කියන වචනය මේය–සියොනේ කන්‍යා දුව නුඹ සුළුකරනවාය, නුඹට කවටකම්කරනවාය; යෙරුසලමේ දුව නුඹට ඉස වනනවාය. 22නුඹ නින්දාකළෙත් අපහාස කළෙත් කාටද? නුඹ හඬනැගුවෙත් නුඹේ ඇස් උඩට එසෙවුවෙත් කාට විරුද්ධවද? ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධවය. 23නුඹේ පණිවිඩකාරයන් ලවා නුඹ ස්වාමීන්වහන්සේට නින්දාකරවා කථාකොට: මාගේ රථ සමූහය හා සමඟ මම කඳුවල මුදුනට එනම් ලෙබනොන්හි ඈත ප්‍රදේශවලට නැගුණෙමි; එහි උස්වූ කිහිරි ගස්ද අනර්ඝ දේවදාර ගස්ද කපා දමා, ඒකේ දුරස්තර නිවාසවලටත් උයනක් වැනි ඒකේ වනයටත් ඇතුල්වන්නෙමි. 24මම හාරා අන්‍ය දේශවල වතුර බීවෙමි, මාගේ අඩි තැබීමෙන් මිසරයේ සියලු ගංගා හින්දවන්නෙමියි කීයෙහිය. 25මම බොහෝ කාලයක සිට ඒක අභිප්‍රායකර, පුරාණයේ දවස්වල පටන් ඒක නියම කළ බව නුඹ ඇසුවේ නැද්ද? දැන් නුඹ පවුරු ඇති නුවරවල් නාස්තිකොට ජරාවාස ගොඩවල් කරන හැටියට ඒක ඉෂ්ට කෙළෙමි. 26එබැවින් ඒවායේ වැසියෝ බෙලහීනව සිටියෝය, ඔව්හු කැලඹී වියවුලට පත්වුණෝය; ඔව්හු කෙතේ තෘණද අමුපලාද පියසි උඩ තණකොළද වැඩෙන්ට පළමුවෙන් වේළුන ගොයම්ද මෙන් වූවෝය. 27නුමුත් මම නුඹේ හිදීමද නුඹේ යාමඊමද මට විරුද්ධව තිබෙන නුඹේ කැරළිකාරකමද දනිමි. 28මට විරුද්ධව තිබෙන නුඹේ කැරළිකාරකම නිසාද නුඹේ අහංකාරය මගේ කන්වලට පැමුණුණ නිසාද නුඹේ නාසයේ මාගේ වළල්ලත් නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා, නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවා යවන්නෙමි යනුයි. 29මෙය නුඹට ලකුණු වන්නේය. එනම් මේ අවුරුද්දේ ඉබේම හටගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ නුඹලා වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න. 30යූදා වංශයෙන් ගැළවී ඉතිරිව සිටින කොටස නැවත පහළට මුල් ඇද ඉහළින් ඵල දරනවා ඇත. 31මක්නිසාද ඉතිරි ගණනක් යෙරුසලමෙන්ද මිදුණ ගණනක් සියොන් කන්දෙන්ද නික්මෙනවා ඇත. ස්වාමීන්වහන්සේගේ ජ්වලිතකම මෙය ඉෂ්ටකරන්නේය. 32එබැවින් ස්වාමීන්වහන්සේ අෂූර්හි රජු ගැන මෙසේ කියනසේක: අෂූර්හි රජ මේ නුවරට ඇතුල්වෙන්නේවත් ඊගහක් ඊට විදින්නේවත් ඒ ඉදිරිපිටට පලිහක් රැගෙන එන්නේවත් ඊට විරුද්ධව ගොඩැල්ලක් නගන්නේවත් නැත. 33ඔහු මේ නුවර තුළට නෑවිත් තමා ආ මගින් හැරී යන්නේ යයි ස්වාමීන්වහන්සේ කියනසේක. 34මක්නිසාද මා නිසාත් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මේ නුවර ගළවන්ට මම ඒක රැකගන්නෙමියි කියනසේකැයි කියා ඇරියේය.
අෂූර්වරුන් විනාශවීම
35ඒ රාත්‍රියේ ස්වාමීන්වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන් දහසකට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණ විට, බලව, ඒ සියල්ලන් මැරිලාය. 36එවිට අෂූර්හි රජවූ සෙනකෙරිබ් පිටත්ව ගොස් නිනිවෙහි වාසයකෙළේය. 37තවද ඔහු තමාගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාරකරද්දී ඔහුගේ පුත්‍රයෝ වන අද්‍රම්මෙලෙක්ද ෂරෙශෙර්ද ඔහු කඩුවෙන් මරා, අරාරාත් දේශයට පලාගියෝය. ඔහුගේ පුත්‍රවූ ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ වුණේය.
Currently Selected:
2 රාජාවලිය 19: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: