YouVersion Logo
Search Icon

1 යොහන් 4:7-19

1 යොහන් 4:7-19 SROV

ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේමකරමු. මක්නිසාද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන්ය; ප්‍රේමකරන සෑමදෙනම දෙවියන්වහන්සේගෙන් ඉපද සිටිති, දෙවියන්වහන්සේව අඳුනති. ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි; මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයය. අප කෙරෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප ජීවත්වන පිණිස උන්වහන්සේ ලෝකයට එවූ කාරණයෙන්ය. ප්‍රේමය මේය, එනම් අප දෙවියන්වහන්සේට ප්‍රේමකළා නොව උන්වහන්සේ අපට ප්‍රේමකොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය. ප්‍රේමවන්තයෙනි, දෙවියන්වහන්සේ අපට මෙසේ ප්‍රේමකළසේක් නම්, අප විසිනුත් එකිනෙකාට ප්‍රේමකළ යුතුය. කිසිවෙක් කිසි කලක දෙවියන්වහන්සේව දුටුවේ නැත. අපි එකිනෙකාට ප්‍රේමකරමු නම්, දෙවියන්වහන්සේ අප තුළ සිටිනසේක, උන්වහන්සේගේ ප්‍රේමයද අප තුළ සම්පූර්ණවී තිබේ. අප උන්වහන්සේ තුළද උන්වහන්සේ අප තුළද සිටින බව අප විසින් දැනගන්නේ උන්වහන්සේ තමන්ගේ ආත්මයාණන් අපට දී තිබෙන නිසාය. පියාණන්වහන්සේ විසින් පුතායාණන් ලෝකයාගේ ගැළවුම්කාරයා කොට එවූ බව අපි දුටිමුව, ඊට සාක්ෂිදෙමුව. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව යමෙක් ඒත්තුගන්නේද, දෙවියන්වහන්සේ ඔහු තුළත් ඔහු දෙවියන්වහන්සේ තුළත් ඇත්තේය. දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාසකරගන සිටිමුව. දෙවියන්වහන්සේ ප්‍රේමයය; ප්‍රේමයෙහි පවතින්නා දෙවියන්වහන්සේ තුළ සිටි, දෙවියන්වහන්සේද ඔහු තුළ සිටිනසේක. අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය. ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි, මක්නිසාද භය දඬුවමින් යුක්තය; භයවන තැනැත්තේ ප්‍රේමයෙහි සම්පූර්ණ නොවී සිටියි. අප ප්‍රේමකරන්නේ උන්වහන්සේ පළමුකොට අපට ප්‍රේමකළ නිසාය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy