1 කොරින්ති 4:6-7
1 කොරින්ති 4:6-7 SROV
ඉතින්, සහෝදරයෙනි, නුඹලා උදෙසා මේ දේ උපමාවකින් අපොල්ලොස්ටත් මටත් අදාළකොට කීමි. එසේ කරන්නේ ලියා තිබෙන දේ ඉක්මවා නොයන්ට නුඹලා අපෙන් ඉගෙනගන්නා පිණිසත් නුඹලාගෙන් කවරෙක්වත් එක්කෙනෙකු උදෙසා අනිකෙකුට විරුද්ධව උඩඟු නොවන පිණිසත්ය. මක්නිසාද නුඹට වෙනස් වෙන්ට සලස්වන්නේ කවුද? නුඹට ලැබුණ දේ හැර නුඹට ඇත්තේ කිමෙක්ද? ඉඳින් එය ලැබුණානම් නොලැබුණාක්මෙන් පාරට්ටුකරගන්නේ මක්නිසාද?





