එවිට දිවැසිවර යෙරමියා, දිවැසිවර හනනියාට කතා කොට, “හනනියා, මේ අසනු, ස්වාමින්වහන්සේ නුඹ එවා නැත. නුඹ මෙම ජනයාට බොරුවක් මත විශ්වාසය තැබීමට සැලසී ය. එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔන්න, මේ පොළෝ තලයෙන් නුඹ පහ කර දමන්නට මම සූදානමින් සිටිමි. ස්වාමින්වහන්සේට එරෙහිව නුඹ කැරලිකාරී ව කතා කළ බැවින්, මේ අවුරුද්දේ ම නුඹ මියෙනු ඇතැ’ යි” කීවේ ය.