මේ මුළු දේශය ම ජරාවාසයක් හා පාළු බිමක් වනු ඇත. මෙම ජාතීන් බබිලෝනියේ රජුට සැත්තෑ වසරක් මෙහෙ කරනු ඇත.
“ ‘එම සැත්තෑ වසර සම්පූර්ණ වූ කල, මම බබිලෝනියේ රජුටත්, ඒ ජාතියටත්, කල්දිවරුන්ගේ දේශයටත්, ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම් කරන්නෙමි’ යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක. ‘මම එය සදාතනික ජරාවාසයක් කරන්නෙමි.