“මේ ජනතාවට ඔබ මෙසේ ද කිව යුතු ය. ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මෙන්න! ජීවනයේ මාර්ගයත්, මරණයේ මාර්ගයත් මම නුඹලා ඉදිරියේ තබමි. මේ නගරයෙහි නවතින කවරකු වුව, කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මියෙනු ඇත. එහෙත් නුඹලා වටලාගෙන සිටින කල්දිවරුන් වෙත පිටතට ගොස්, බාර වන කවරකු වුව ද ජීවත් වනු ඇත. ඔහු පණ ගලවා බේරී යන්නේ ය.