ඉතින්, නුඹේ පිය වූ දාවිත් හැසුරුණ පරිදි නුඹ මා ඉදිරියෙහි සෘජු සිතක් ඇති ව ද අවංක ව ද හැසිරෙමින්, මා නුඹට අණ කළ සියල්ල ප්‍රකාරයට ඉටු කර, මාගේ පනත් ද විනිශ්චයයන් ද පිළිපදින්නෙහි නම්, ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳින්නට නුඹට කෙනෙක් නැති ව යන්නේ නැත කියා මා නුඹේ පිය දාවිත්ට පොරොන්දු වූ හැටියට, ඉශ්රායෙල්වරුන් කෙරෙහි නුඹේ රාජ්‍යයේ සිංහාසනය සදහට ම ස්ථීර කරන්නෙමි.