තවද, ජෙරමියා හනනියාට මෙසේ කීවේ ය: “හනනියා, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ එවා වදාළේ නැත. මිථ්‍යා මතයන් කෙරෙහි විශ්වාසය තබන්නට ඔබ මේ සෙනඟට සැලැසුවෙහි ය. ‘නුඹ පොළොව මතුපිටින් මම පහකරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ ම වදාරන සේක. ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිකාර වචන ප්‍රකාශ කළ නිසා ඔබ මේ අවුරුද්දේ මැරෙන්නෙහි ය.”