සමිඳාණෝ මෙසේ වදාරන සේක:
“මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන, මියයන සුලු සිරුර ශක්තිය කරගෙන, සමිඳුන් කෙරෙන් හැරී ඉවත් ව යන මිනිසා සාප ලද්දෙකි.
ඔහු පාළුකරයෙහි ඇති පඳුරකට සමාන වේ.
යහපත පැමිණි විට එය ඔහුට නොපෙනේ.
පාළුකරයෙහි වියළි තැන්හි, මිනිසුන් නොවසන ලුණු බිම්හි ඔහු වාසය කරයි.