මේ පොතේ අනාගතවාක්‍ය වචන අසන සියල්ලන්ට මෙසේ සහතිකලෙස කියමි, එනම්: යමෙක් ඒ වචනවලට යමක් එකතුකරන්නේ නම්, දෙවියන්වහන්සේ මේ පොතෙහි ලියනලද පීඩා ඔහුට එකතුකරනසේක. යමෙක් මේ අනාගතවාක්‍ය පොතේ වචනවලින් යමක් අහක්කරන්නේ නම්, මේ පොතෙහි ලියා තිබෙන ජීවන-වෘක්ෂයෙන්ද ශුද්ධ නුවරින්ද දෙවියන්වහන්සේ ඔහුගේ කොටස අහක්කරනසේක යනුයි.