1
හිතෝපදේශ 1:7-8
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්රඥාවද ගුරුකමද හෙළාදකිති. මාගේ පුත්රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.
Compare
Explore හිතෝපදේශ 1:7-8
2
හිතෝපදේශ 1:32-33
මක්නිසාද නුවණ නැත්තෝ තමුන්ගේ පසුබටවීම නිසා මැරුම්කන්නෝය. අඥානයෝ තමුන්ගේ නොසැලකිලිකම නිසා නැතිවන්නෝය. නුමුත් මට ඇහුම්කන්දෙන තැනැත්තේ සුවසේ වාසයකොට, විපතට භයනොවී, නිශ්චලව සිටින්නේය.
Explore හිතෝපදේශ 1:32-33
3
හිතෝපදේශ 1:5
හිතෝපදේශයක් හා උපහැරණයක්ද ඥානවන්තයන්ගේ වචන හා ඔවුන්ගේ ගැඹුරු කීම්ද තේරුම්ගන්න හැටියට
Explore හිතෝපදේශ 1:5
4
හිතෝපදේශ 1:10
මාගේ පුත්රය, පව්කාරයෝ නුඹ පොළඹත් නම්, එකඟ නොවන්න.
Explore හිතෝපදේශ 1:10
5
හිතෝපදේශ 1:1-4
ඉශ්රායෙල්ගේ රජවූ දාවිත්ගේ පුත්ර සාලමොන්ගේ හිතෝපදේශ. ඒවා වනාහි ප්රඥාවද ගුරුකමද දැනගැනීමටත්; බුද්ධිමත් වාක්ය තේරුම්ගැනීමටත්; ඥානවන්ත හැසිරීමේද ධර්මිෂ්ඨකමේද යුක්තියේද අවංකකමේද ගුරුකම් ලබාගැනීමටත්; අනුවණයන්ට ඥානයද තරුණයාට දැනගැන්ම සහ සිහිකල්පනාවද දීමටත්ය.
Explore හිතෝපදේශ 1:1-4
6
හිතෝපදේශ 1:28-29
එවිට ඔවුන් මට හඬගසන නුමුත් මම උත්තර නොදෙන්නෙමි; ඔවුන් බොහෝසේ මා සොයන නුමුත් මා සම්බවන්නේ නැත. මක්නිසාද ඔව්හු දැනගැන්මට ද්වේෂකොට, ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තෝරා නොගෙන සිටියෝය.
Explore හිතෝපදේශ 1:28-29
Home
Bible
Plans
Videos