YouVersion Logo
Search Icon

රෝම 16:3-16

රෝම 16:3-16 SROV

ක්‍රිස්තුස්යේසුස්වහන්සේ තුළ මාගේ හවුල් වැඩකාරයන්වූ, මාගේ ජීවිතය උදෙසා තමුන්ගේ බෙල්ල දුන්නාවූ ප්‍රිස්කාටද අකිලාටද ආචාරකරන්න. මා පමණක් නොව අන්‍යජාතීන්ගේ සියලු සභාවෝද ඔවුන්ට ස්තුතිකරති. ඔවුන්ගේ ගෙදර තිබෙන සභාවටත් ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේට ආසියාවේ ප්‍රථම ඵලවූ මාගේ ප්‍රියවූ එපීනතස්ට ආචාරකරන්න. නුඹලා නිසා බොහෝ වෙහෙස දැරුවාවූ මරියාට ආචාරකරන්න. ප්‍රේරිතයන් අතරෙහි ප්‍රසිද්ධවූ, මට පළමුවෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටියාවූ, මාගේ නෑයන්වූ, මාගේ හවුල් හිරකාරයන්වූ අන්ද්‍රෝනිකස්ට හා යූනියස්ට ආචාරකරන්න. ස්වාමීන්වහන්සේ තුළ මාගේ ප්‍රියවූ අම්ප්ලියාතුස්ට ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ හවුල් සේවකයෙක්වූ උර්බානස්ටද මාගේ ප්‍රියවූ ස්තාකිස්ටද ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේ තුළ පිළිගනු ලැබූ අපොල්ලස්ට ආචාරකරන්න. අරිස්තොබුලස්ගේ ගෙට අයිතිවූවන්ට ආචාරකරන්න. මාගේ නෑයාවූ හෙරෝදියෝන්ට ආචාරකරන්න. නාර්කිසස්ගේ ගෙට අයිතිවූවන්ගෙන් ස්වාමීන්වහන්සේ තුළ සිටින්නන්ට ආචාරකරන්න. ස්වාමීන්වහන්සේ තුළ වැඩ කරන තෘපේනාටද තෘපෝසාටද ආචාරකරන්න. ස්වාමීන්වහන්සේ තුළ බොහෝ වෙහෙස දැරුවාවූ ප්‍රියවූ පර්සිස්ට ආචාරකරන්න. ස්වාමීන්වහන්සේ තුළ තෝරාගනු ලැබූවාවූ රූපස්ටද ඔහුගෙත් මාගෙත් මෑණියන්ටද ආචාරකරන්න. අසින්ක්‍රිතස්ටද ප්ලෙගෝන්ටද හෙර්මෙස්ටද පත්‍රොබස්ටද හෙර්මස්ටද ඔවුන් සමඟ සිටින්නාවූ සහෝදරයන්ටද ආචාරකරන්න. පිලොලොගස්ටද ජූලියාටද නේරියස්ටද ඔහුගේ සහෝදරීටද ඔලිම්පස්ටද ඔවුන් සමඟ සිටින්නාවූ සියලු ශුද්ධවන්තයන්ටද ආචාරකරන්න. ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේගේ සියලු සභාවෝ නුඹලාට ආචාරකරති.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy