YouVersion Logo
Search Icon

ගීතාවලිය 82

82
අධර්මිෂ්ඨ විනිශ්චයකාරයන්ට තරවටුවක්
ආසාප්ගේ ගීතයකි.
1දෙවියන්වහන්සේ දේව සභාවෙහි නැගිට සිටිනසේක;
උන්වහන්සේ දෙවිවරුන් අතරේ විනිශ්චයකරනසේක.
2නුඹලා කොතෙක් කල් අසාධාරණ ලෙස විනිශ්චයකරමින් දුෂ්ටයන්ගේ තරාතිරම් සලකන්නහුද?
3දුප්පතා සහ පියා නැත්තාද විනිශ්චයකරව්.
පීඩිතයාටත් අසරණයාටත් යුක්තිය ඉෂ්ටකරව්.
4දුප්පතා හා දිළිඳා මුදාහරිව්.
දුෂ්ටයාගේ අතින් ඔවුන් නිදහස් කරව්.
5ඔව්හු නොදනිති, තේරුම්ද නොගනිති;
අන්ධකාරයෙහි ඔබ මොබ හැසිරෙති.
පොළොවේ අත්තිවාරම් සියල්ල සෙලවේ.
6නුඹලා දෙවිවරුය, නුඹලා සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝයයි කීයෙමි.
7එහෙත් නුඹලා මනුෂ්‍යයන් මෙන් මැරෙන්නහුය, අධිපතීන්ගෙන් එක්කෙනෙකු මෙන් වැටෙන්නහුය.
8දෙවියන්වහන්ස, නැගිට පොළොව විනිශ්චයකළ මැනව.
මක්නිසාද ඔබ සියලු ජාතීන් හිමිකර ගන්නාසේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy