YouVersion Logo
Search Icon

ගීතාවලිය 71

71
මහලු ඇදහිලිවන්තයාගේ යාච්ඤාව
1 ස්වාමිනි, ඔබ විශ්වාසකරමි. කිසිකලකත් ලජ්ජා නොවෙම්වා.
2ඔබගේ ධර්මිෂ්ඨකමින් මා මුදා නිදහස් කළ මැනව.
ඔබගේ කන මා දෙසට නමා මා ගැළෙවුව මැනව.
3මා නිතරම යන පිණිස මට පර්වත නිවාසයක් වුව මැනව.
මා ගළවන්ට ඔබ අණ දී තිබේ;
මක්නිසාද මාගේ පර්වතය හා බලකොටුවත් ඔබය.
4මාගේ දෙවියන්වහන්ස, දුෂ්ටයාගේ අතින්, එනම් අධර්මිෂ්ඨවූ කෲරවූ මනුෂ්‍යයාගේ අතින්, මා මුදාගත මැනව.
5මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස, මාගේ බලාපොරොත්තුව ඔබය.
තරුණ වයස පටන් මාගේ විශ්වාසය ඔබය.
6මවු ගැබෙහි පටන් ඔබ මා ඉසුලූසේක.
මවු කුසින් මා පිටතට ගත්තේ ඔබය.
මාගේ ප්‍රශංසාව නිතරම ඔබ ගැන වන්නේය.
7මම බොහෝ දෙනෙකුට විස්මයක් මෙන් වෙමි;
නුමුත් ඔබ මාගේ බලවත් රක්ෂාස්ථානයය.
8මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබට ප්‍රශංසාකිරීමෙන්ද ගෞරවකිරීමෙන්ද පිරෙන්නේය.
9මහලු වයසේදී මා ඉවත නොහළ මැනව;
මාගේ ශක්තිය පිරිහෙන කල මා අත්නෑරිය මැනව.
10මක්නිසාද මාගේ සතුරෝ මා ගැන කථාකෙරෙති;
මාගේ ප්‍රාණය ගැන රැකසිටින්නෝ එක්ව මන්ත්‍රණයකරමින්:
11දෙවියන්වහන්සේ ඔහු අත්හැරිය සේක.
ලුහුබඳිමින් ඔහු අල්වාගනිව්;
මක්නිසාද ඔහු මුදන්ට කිසිවෙක් නැතැයි කියති.
12දෙවියන්වහන්ස, මා කෙරෙන් දුරුනූව මැනව, මාගේ දෙවියන්වහන්ස, මට උපකාර කරන්ට ඉක්මන්වුව මැනව.
13මාගේ ප්‍රාණයට විරුද්ධව සිටින්නෝ ලජ්ජාවටත් විනාශයටත් පැමිණෙත්වා;
මට අන්තරායකරන්ට සොයන්නෝ නින්දාවෙනුත් අගෞරවයෙනුත් වැසීයෙත්වා.
14එහෙත් මම නිතරම බලාපොරොත්තු වෙමින් වඩ වඩා ඔබට ප්‍රශංසාකරන්නෙමි.
15මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබගේ ධර්මිෂ්ඨකම හා ඔබගේ ගැළවීම ප්‍රකාශකරන්නේය;
මක්නිසාද එහි ගණන නොදනිමි.
16ස්වාමිවූ දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියා පෙරටුකොටගෙන එන්නෙමි.
ඔබගේ ධර්මිෂ්ඨකම පමණක්ම සඳහන්කරන්නෙමි.
17දෙවියන්වහන්ස, මාගේ යෞවන කාලයේ පටන් ඔබ මට ඉගැන්වූ සේක;
මේ දක්වා ඔබගේ ආශ්චර්ය ක්‍රියා ප්‍රකාශකෙළෙමි.
18දෙවියන්වහන්ස, ඔබගේ ශක්තිය එන පරම්පරාවටත් ඔබගේ බලය මතු පැමිණෙන සියල්ලන්ටත් මා විසින් ප්‍රකාශකරන තෙක්, මහලුව හිස පැසුණු කල්හි පවා මා අත්නෑරිය මැනව.
19දෙවියන්වහන්ස, ඔබගේ ධර්මිෂ්ඨකම ඉතා උසස්ය;
මහත් දේවල් කළාවූ දෙවියන්වහන්ස, ඔබට සමාන කවුද?
20බොහෝ තද දුක් අපට පැමිණෙවු ඔබ නැවත අප ජීවත්කොට, පොළොවේ ගැඹුරු තැන්වලින් අප නැවත ගොඩගන්නාසේක.
21මාගේ උතුම්කම වැඩිකොට, නැවත හැරී මා සැනසුව මැනව.
22මාගේ දෙවියන්වහන්ස, ඔබ, එනම් ඔබගේ සැබෑකම, කුඩා වීණාවෙන් වර්ණනාකරන්නෙමි.
ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්ස, මහ වීණාවෙන් ඔබට ගායනාකරන්නෙමි.
23මා විසින් ඔබට ප්‍රශංසා ගී කියන කල මාගේ තොල්ද ඔබ මිදුවාවූ මාගේ ආත්මයද බොහෝ කොට ප්‍රීතිවන්නේය.
24මාගේ දිවද දවස මුළුල්ලේම ඔබගේ ධර්මිෂ්ඨකම ගැන කථාකරන්නේය.
මක්නිසාද මට අන්තරායකරන්ට සොයන්නෝ ලජ්ජාවටත් වියවුල් භාවයටත් පැමුණුණෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy