YouVersion Logo
Search Icon

හිතෝපදේශ 20

20
1මුද්‍රිකපානය සරදම්කරන්නෙක්ය, මද්‍යපානය කෝලාහලකාරයෙක්ය;
එයින් වැනෙන කවුරු නුමුත් ඥානවන්ත නොවෙයි.
2රජුගේ භයංකරය සිංහයාගේ ගර්ජනාව මෙන්ය;
ඔහු කෝපකරවන්නා තමාගේම ප්‍රාණයට විරුද්ධව වරදකරගන්නේය.
3තරඟයෙන් වැලකී සිටීම මනුෂ්‍යයෙකුට ගෞරවයකි;
එහෙත් හැම මෝඩයෝම ඩබරකරති.
4අලසයා ශීත කාලය නිසා හාන්නේ නැත.
එහෙයින් ඔහු ගොයම් කපන කාලයේ හිඟමින් කිසිත් නැතුව සිටියි.
5මනුෂ්‍යයෙකුගේ සිතේ තිබෙන අදහස ගැඹුරු ජලය මෙන්ය;
එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා එය ඇදගන්නේය.
6බොහෝ දෙනෙක් තම තමුන්ගේම කරුණාවන්තකම ප්‍රකාශකරති;
එහෙත් විශ්වාස මනුෂ්‍යයෙක් කාට සම්බවේද?
7තමාගේ ඇදනැතිකමින් හැසිරෙන්නා ධර්මිෂ්ඨයෙක්ය, ඔහුට පසු ඔහුගේ දරුවෝ වාසනාවන්තයෝ වෙති.
8රජකෙනෙක් විනිශ්චයාසනයේ හිඳ තමාගේ ඇස්වලින් නපුරුවූ සියල්ල විසුරුවා දමන්නේය.
9මම මාගේ සිත පවිත්‍රකොට, මාගේ පාපයෙන් පිරිසිදුවී සිටිමියි කියන්ට පුළුවන් කාටද?
10ද්වීප්‍රකාර කළන්පඩිද ද්වීප්‍රකාර මිමිද යන දෙවගේම ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
11ළමයෙකුගේ ක්‍රියාවලින් පවා හරිව තිබේදැයි ඔහුගේ හැසිරීම පිරිසිදුව ප්‍රකාශවේ.
12අසන කනද දකින ඇසද යන දෙකම ස්වාමීන්වහන්සේ සෑදූසේක.
13නුඹ දිළිඳු නොවන පිණිස නින්දට ඇලුම් නොවන්න;
නුඹේ ඇස් ඇර සිටින්න, එවිට නුඹ කෑමෙන් තෘප්තියට පැමිණෙන්නෙහිය.
14නරකය, නරකය කියා මිලයට ගන්නා කියයි;
එහෙත් අහක්ව ගොස් ඔහු පාරට්ටු කරගනියි.
15රන්ද රතුකැට රාශියක්ද ඇත්තාහ;
එහෙත් දැනගැන්ම ඇති තොල් අනර්ඝ මාණික්‍යයක්ය.
16අන්‍යයෙකුට ඇපවෙන්නාගේ වස්ත්‍රය ගන්න;
අනුන් නිසා ඔහුගෙන් උකසක් ගන්න.
17වංචාවේ කෑම මනුෂ්‍යයෙකුට මිහිරිය;
එහෙත් පසුව ඔහුගේ කට බොරළුවලින් පිරෙයි.
18සියලු අදහස් මන්ත්‍රණයෙන් ස්ථිරවේ;
ඥානවන්ත ගුරුකම් පිට යුද්ධකරන්න
19කේලාම්කියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරන්නේය;
එබැවින් බොහෝසෙයින් කට අරින්නා සමඟ සමාගම් නොපවත්වන්න.
20තමාගේ පියාට හෝ මවුට හෝ දෙස්කියන්නාගේ පහන ඝනාන්ධකාරයේදී නිවීයන්නේය.
21මුලදී ඉක්මනින් ලබාගන්න උරුමය කෙළවරදී සඵල නොවන්නේය.
22නපුරට ප්‍රතිඵල දෙමියි නොකියා ස්වාමීන්වහන්සේ කෙරෙහි බලාසිටින්න, උන්වහන්සේ නුඹ ගළවනසේක.
23ද්වීප්‍රකාර කළන්පඩි ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය;
හොර තරාදි හොඳ නැත.
24මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන්වහන්සේගෙන් පැමිණේ;
එසේ නම් මනුෂ්‍යයා තමාගේ මාර්ගය තේරුම්ගන්නේ කොහොමද?
25මේක කැපයයි ඉක්මන්වී කියා, බාරවල් වුණාට පසු විභාගකිරීම මනුෂ්‍යයෙකුට මලපතක්ය.
26ප්‍රඥාවන්ත රජෙක් දුෂ්ටයන් විසුරුවාදමන්නේය;
රෝදයක්ද ඔවුන් පිට අදින්නේය.
27මනුෂ්‍යයාගේ ආත්මය ස්වාමීන්වහන්සේගේ පහනය, එය සියලුම ඇතුල් කොට්ඨාස සෝදිසිකරන්නේය.
28කරුණාවද සැබෑකමද රජ්ජුරුවන් ආරක්ෂාකරයි, ඔහුගේ සිංහාසනය කරුණාව හේතුකොටගෙන ස්ථිරවන්නේය.
29තරුණයන්ගේ පාරට්ටුව ඔවුන්ගේ ශක්තියය;
වෘද්ධයන්ගේ අලංකාරය නම් පැසුණු හිසය.
30තුවාලකරන තැළීම් නපුර පහකරයි;
පහරවල්ද ඇතුල් කොට්ඨාසවලටම වදියි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy