YouVersion Logo
Search Icon

ගණන් කථාව 33

33
මිසරයේ සිට යොර්දානට ගමන් පිළිවෙළ
1මෝසෙස් සහ ආරොන් යටතේ තමුන්ගේ සේනාවල හැටියට මිසර දේශයෙන් ආවාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගමන් මේය. 2මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඔවුන්ගේ ගමන්වල හැටියට ඔවුන්ගේ නික්මීම් ලියුවේය. ඔවුන්ගේ නික්මීම් ප්‍රකාර ඔවුන්ගේ ගමන් මේවාය. 3ඔව්හු පළමුවෙනි මස පසළොස් වෙනි දින රාමෙසෙස්හි සිට පිටත්වුණෝය; එසේ ඉශ්‍රායෙල් පුත්‍රයෝ පාස්කුවට පසුවදා සියලු මිසරවරුන්ගේ ඇස් ඉදිරියෙහි එසෙවුවාවූ අතක් කරණකොටගෙන පිටතට ආවෝය. 4එසේ ආවේ මිසරවරුන් ස්වාමීන්වහන්සේ විසින් ඔවුන් අතරෙහි පහරදෙනලද්දවුන් වන සියලුම කුලුඳුලන් ඔවුන් විසින් තැන්පත්කරද්දීය. ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ දෙවිවරුන් කෙරෙහිත් විනිශ්චයන් ඉෂ්ටකළසේක. 5ඉශ්‍රායෙල් පුත්‍රයෝ රාමෙසෙස් කෙරෙන් පිටත්ව සුකොත්හි කූඩාරම් ගසාගත්තෝය. 6ඔව්හු සුකොත් කෙරෙන් පිටත්ව ගොස් කාන්තාරයේ අද්දර තිබෙන ඒතාම්හි කූඩාරම් ගසාගත්තෝය. 7ඒතාමෙන් පිටත්ව ගොස් බාල්-ශෙඵොන් ඉදිරිපිට තිබෙන පීහාහිරොත්ට හැරී ගොස් මිග්දොල් ඉදිරියෙහි කූඩාරම් ගසාගත්තෝය. 8ඔව්හු හාහිරොත් ඉදිරියෙන් පිටත්ව ගොස් මුහුද මැදින් කාන්තාරයට අවුත් ඒතාම් කාන්තාරයෙහි තුන් දවසක ගමන්ගෙන මාරාහි කූඩාරම් ගසාගත්තෝය. 9මාරා කෙරෙන් පිටත්ව ගොස් ඒලීම්ට ආවෝය. ඒලීම්හි දිය උල්පත් දොළොසක් හා තල්ගස් සැත්තෑවක්ද තිබුණේය; ඔව්හු එහි කූඩාරම් ගසාගත්තෝය. 10ඔව්හු ඒලීම් කෙරෙන් පිටත්ව ගොස් රතු මුහුද ළඟ කූඩාරම් ගසාගත්තෝය. 11රතු මුහුද ළඟින් පිටත්ව ගොස් සීන් කාන්තාරයෙහි කූඩාරම් ගසාගත්තෝය. 12සීන් කාන්තාරයෙන් පිටත්ව ගොස් දොප්කාහි කූඩාරම් ගසාගත්තෝය. 13දොප්කායෙන් පිටත්ව ගොස් අලුෂ්හි කූඩාරම් ගසාගත්තෝය. 14අලුෂ් කෙරෙන් පිටත්ව ගොස් රෙපිඩිම්හි කූඩාරම් ගසාගත්තෝය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය. 15ඔව්හු රෙපිඩිමෙන් පිටත්ව ගොස් සීනයි කාන්තාරයෙහි කූඩාරම් ගසාගත්තෝය. 16සීනයි කාන්තාරයෙන් පිටත්ව ගොස් කිබ්රොත්-හත්තාවාහි කූඩාරම් ගසා ගත්තෝය. 17කිබ්රොත්-හත්තාවායෙන් පිටත්ව ගොස් හශේරොත්හි කූඩාරම් ගසාගත්තෝය. 18හශේරොතින් පිටත්ව ගොස් රිත්මාහි කූඩාරම් ගසාගත්තෝය. 19රිත්මාවෙන් පිටත්ව ගොස් රිම්මොන්-පෙරෙශ්හි කූඩාරම් ගසාගත්තෝය. 20රිම්මොන්-පෙරෙශෙන් පිටත්ව ගොස් ලිබ්නාහි කූඩාරම් ගසාගත්තෝය. 21ලිබ්නාවෙන් පිටත්ව ගොස් රිස්සාහි කූඩාරම් ගසාගත්තෝය. 22රිස්සාවෙන් පිටත්ව ගොස් කෙහේලාතාහි කූඩාරම් ගසා ගත්තෝය. 23කෙහේලාතාවෙන් පිටත්ව ගොස් ෂෙඵෙර් කන්දෙහි කූඩාරම් ගසා ගත්තෝය. 24ෂෙඵෙර් කන්දෙන් පිටත්ව ගොස් හරාදාහි කූඩාරම් ගසාගත්තෝය. 25හරාදාවෙන් පිටත්ව ගොස් මක්හේ ලොත්හි කූඩාරම් ගසාගත්තෝය. 26මක්හේලොතෙන් පිටත්ව ගොස් තාහත්හි කූඩාරම් ගසාගත්තෝය. 27තාහතෙන් පිටත්ව ගොස් තෙරාහි කූඩාරම් ගසාගත්තෝය. 28තෙරාවෙන් පිටත්ව ගොස් මිත්කාහි කූඩාරම් ගසාගත්තෝය. 29මිත්කාවෙන් පිටත්ව ගොස් හෂ්මොනාහි කූඩාරම් ගසාගත්තෝය. 30හෂ්මොනාවෙන් පිටත්ව ගොස් මොසේරොත්හි කූඩාරම් ගසාගත්තෝය. 31මොසේරොතෙන් පිටත්ව ගොස් බෙනෙ-යාකාන්හි කූඩාරම් ගසාගත්තෝය. 32බෙනෙ-යාකොනෙන් පිටත්ව ගොස් හෝර්-හග්ගිද්ගාද්හි කූඩාරම් ගසාගත්තෝය. 33හෝර්-හග්ගිද්ගාදෙන් පිටත්ව ගොස් යොට්බාතාහි කූඩාරම් ගසාගත්තෝය. 34යොට්බාතාවෙන් පිටත්ව ගොස් අබ්රොනාහි කූඩාරම් ගසාගත්තෝය. 35අබ්රොනාවෙන් පිටත්ව ගොස් එශියොන්-ගෙබෙර්හි කූඩාරම් ගසාගත්තෝය. 36එශියොන්-ගෙබෙර් කෙරෙන් පිටත්ව ගොස් සීන් කාන්තාරයෙහි එනම් කාදෙෂ්හි කූඩාරම් ගසාගත්තෝය. 37ඔව්හු කාදෙෂ් කෙරෙන් පිටත්ව ගොස් ඒදොම් දේශයේ සීමාව ළඟ හෝර් කන්දේ කූඩාරම් ගසාගත්තෝය. 38පූජකවූ ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආවායින් පසු සතළිස්වෙනි අවුරුද්දේ පස්වෙනි මස පළමුවෙනි දින ස්වාමීන්වහන්සේගේ අණ පිට හෝර් කන්දට නැගී ගොස් එහි මැරුණේය. 39ආරොන් හෝර් කන්දේ මැරෙන කල අවුරුදු එකසිය විසිතුනක් වයස්ව සිටියේය. 40කානාන් දේශයේ දකුණු දිග විසූ කානානීය අරාද්හි රජ ඉශ්‍රායෙල් පුත්‍රයන් එන බව ඇසුවේය. 41ඔව්හු හෝර් කන්දෙන් පිටත්ව ගොස් සල්මොනාහි කූඩාරම් ගසාගත්තෝය. 42සල්මොනාවෙන් පිටත්ව ගොස් පූනොන්හි කූඩාරම් ගසාගත්තෝය. 43පූනොනෙන් පිටත්ව ගොස් ඔබොතෙහි කූඩාරම් ගසාගත්තෝය. 44ඔබොතෙන් පිටත්ව ගොස් මෝවබ් සීමාවෙහි වූ ඉයේ-ආබාරිම්හි කූඩාරම් ගසාගත්තෝය. 45ඉයිම් කෙරෙන් පිටත්ව ගොස් දීබොන්-ගාද්හි කූඩාරම් ගසාගත්තෝය. 46දීබොන්-ගාදෙන් පිටත්ව ගොස් අල්මොන්-දිබ්ලාතයිම්හි කූඩාරම් ගසාගත්තෝය. 47අල්මොන්-දිබ්ලාතයි මෙන් පිටත්ව ගොස් නෙබෝ ඉදිරිපිට අබාරීම් කඳුවල කූඩාරම් ගසාගත්තෝය. 48අබාරීම් කඳුවලින් පිටත්ව ගොස් යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය. 49ඔව්හු යොර්දාන අසබඩ බෙත්-යෙෂිමොත් පටන් ආබෙල්-ෂිත්තිම් දක්වා මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය.
50 ස්වාමීන්වහන්සේ යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී මෝසෙස්ට කථාකොට කියනසේක්: 51නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට ඔවුන්ට මෙසේ කියන්න–නුඹලා යොර්දානෙන් එතර කානාන් දේශයට පැමිණි කල, 52දේශයේ සියලු වැසියන් නුඹලා ඉදිරියෙන් පන්නා දමා ඔවුන්ගේ සියලු රූප සහිතවූ කැටයම් ගල්ද ඔවුන්ගේ සියලු වාත්තු පිළිමද නැතිකර දමා ඔවුන්ගේ සියලු උස් තැන් නටබුන්කරන්න. 53දේශය හිමිකර ගෙන එහි වාසයකරන්න. මක්නිසාද හිමිකරගැනීමට දේශය මා විසින් නුඹලාට දී තිබේ. 54පසඇට දැමීමෙන් නුඹලාගේ වංශවල හැටියට දේශය උරුම කරගන්න; වැඩිව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය වැඩිකර, ස්වල්පව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය ස්වල්ප කරදෙන්න. දාදුවෙන් යමෙකුට වැටෙන ස්ථානයම ඔහුට වේවා; නුඹලාගේ පිය ගෝත්‍රවල හැටියට උරුමකරගන්න. 55එහෙත් නුඹලා දේශයේ වැසියන් නුඹලා ඉදිරියෙන් පන්නා නොදැමුවොත්, නුඹලා විසින් ඔවුන්ගෙන් ඉතුරුකරන අය නුඹලාගේ ඇස්වලට උල්ද නුඹලාගේ ඇලපත්වලට කටුද වී, නුඹලා වසන දේශයෙහි නුඹලාට සතුරුකම් කරනවා ඇත. 56තවද මම ඔවුන්ට කරන්ට සිතූ ලෙස නුඹලාට කරන්නෙමියි කීසේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy