YouVersion Logo
Search Icon

ශු. ලූක් 8:40-48

ශු. ලූක් 8:40-48 SROV

යේසුස්වහන්සේ හැරී ආ කල සමූහයා උන්වහන්සේ පිළිගත්තෝය. මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ එනවා බලා සිටියෝය. බලව, සිනගෝගයේ මුලාදෑනියෙක්වූ යායිරස් නම් මනුෂ්‍යයෙක් ඇවිත් යේසුස්වහන්සේගේ පාමුල වැටී, තමාගේ ගෙදරට එන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවේය; මක්නිසාද දොළොස් අවුරුද්දක් පමණ වයස් ඇති ඔහුගේ එකම දුව මරණාසන්නව සිටියාය. උන්වහන්සේ යන කල සමූහයෝ උන්වහන්සේට තෙරපෙමින් සිටියෝය. දොළොස් අවුරුද්දක් මහලේ රෝගය ඇතුව, වෙදුන්ට තමාගේ සියලු සම්පත් වියදම්කොටත් කිසිවෙකුගෙන් සුවයක් ලබන්ට බැරිවූවාවූ ස්ත්‍රියෙක් පස්සෙන් ඇවිත්, උන්වහන්සේගේ සළුවේ දාවල්ලට අතගැසුවාය. එකෙණෙහිම ඇගේ ලේ ධාරාව නැවතුණේය. එවිට යේසුස්වහන්සේ: මට අතගැසුවේ කවුදැයි ඇසූසේක. අප නොවේයයි සියල්ලන් කී කල්හි පේතෘස්ද ඔහු සමඟ සිටියෝද කථාකොට: ආචාරිනි, සමූහයා ඔබට හැපෙමින් තෙරපෙමින් සිටිතියි කීවෝය. එහෙත් යේසුස්වහන්සේ: කවුරු නුමුත් මට අතගැසුවේය. මක්නිසාද මාගෙන් ආනුභාවය නිකුත්වූ බව මට දැනුණේයයි කීසේක. ඒ ස්ත්‍රී තමා අප්‍රකාශව නොසිටි බව දැක, වෙවුලමින් ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි වැටී, තමා විසින් උන්වහන්සේට අතගැසුවේ මක්නිසාද කියාත් එකෙණෙහිම තමා සුවවුණ හැටිත් මුළු සෙනඟ ඉදිරියේ ප්‍රකාශකළාය. උන්වහන්සේද: දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේය; සමාදානයෙන් යන්නැයි ඈට කීසේක.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy