YouVersion Logo
Search Icon

ලෙවී කථාව 15

15
නොයෙක් අපවිත්‍රකම් ගැන අණපනත්
1 ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට කියනසේක්: 2ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–යම් මනුෂ්‍යයෙකුට තමාගේ මාංසයෙන් ප්‍රමේහයක් ඇති කල ඔහුගේ ප්‍රමේහය නිසා ඔහු අපවිත්‍රය. 3ප්‍රමේහය සම්බන්ධව ඔහුගේ අපවිත්‍රකම මේය: ඔහුගේ ප්‍රමේහය ඔහුගේ මාංසයෙන් නික්මෙන නුමුත් මාංසය තුළ නවතින නුමුත් ඒක ඔහුගේ අපවිත්‍රකමය. 4ප්‍රමේහය ඇති අය සයනය කරන සියලු යහන් අපවිත්‍රවන්නේය. ඔහු හිඳින සියලු බඩුද අපවිත්‍රවන්නේය. 5ඔහුගේ යහනේ ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය. 6ප්‍රමේහය ඇති අය හිඳගන්න කිසිවක් පිට හිඳින තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය. 7ප්‍රමේහය ඇත්තාගේ ශරීරයෙහි ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය. 8ප්‍රමේහය ඇති අය පවිත්‍ර කෙනෙකු පිටට කෙළගැසුවොත් ඔහු තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රවන්නේය. 9ප්‍රමේහය ඇති අය නැගී යන සියලු රථවාහනද අපවිත්‍රවන්නේය. 10ඔහුගේ ඇඟට යටව තිබුණු කිසි දෙයක ස්පර්ශවන කවුරු නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටින්නේය. ඒවා ගෙනයන්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය. 11ප්‍රමේහය ඇති අය තමාගේ අත් වතුරෙන් සෝදා නොගෙන අතගසන කවුරු නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය. 12ප්‍රමේහය ඇති අය අත ගසන මැටි භාජනය බිඳදැමිය යුතුය. සියලු ලී භාජනද වතුරෙන් සේදිය යුතුය. 13ප්‍රමේහය ඇති අය ප්‍රමේහයෙන් පවිත්‍රවූ කල ඔහු තමාගේ පවිත්‍රවීමට සත් දවසක් පසුකොට තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ ශරීරය බැස යන වතුරෙන් නාවා ගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය. 14අටවෙනි දවසෙහි ඔහු කොබෙයියන් දෙන්නෙකු හෝ පරෙවිපැටවුන් දෙන්නෙකු හෝ රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට අවුත් උන් පූජකයාට දේවා. 15පූජකයාද උන්ගෙන් එකෙකු පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකර, ඔහුගේ ප්‍රමේහය ගැන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කරන්නේය.
16යම් පුරුෂයෙකුගේ ශුක්‍රධාතුව ඔහු කෙරෙන් පිටවුණොත් ඔහු තමාගේ මුළු ශරීරය වතුරෙන් සෝදාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය. 17ශුක්‍රධාතුව තැවරෙන සියලු වස්ත්‍රද හම්ද සෝදනු ලැබිය යුතුය, ඒවා සවස දක්වාද අපවිත්‍රවන්නේය. 18ශුක්‍රධාතුව වැගිරීම ඇති පුරුෂයෙක් ස්ත්‍රියෙක් සමඟ සයනයකළොත් ඔවුන් දෙදෙනම වතුර නාගත යුතුය, ඔව්හු සවස දක්වාද අපවිත්‍රව සිටින්නෝය.
19යම් ස්ත්‍රියෙකුට ප්‍රමේහයක් ඇතිවී ඇගේ ශරීරයේ ප්‍රමේහය ලේවීනම් ඈ සත් දවසක් ඇගේ කිලුටුකමෙහි වන්නීය. ඈ ස්පර්ශවන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටින්නේය. 20ඇගේ කිලුටුකමේදී ඈ සැතපෙන සියල්ලද අපවිත්‍ර වන්නේය. ඈ හිඳගන්න සියල්ලද අපවිත්‍රවන්නේය. 21ඇගේ යහනෙහි ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය. 22ඈ හිඳගන්න කිසිවක ස්පර්ශවන කවුරු නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය. 23යහන පිටවත් ඈ හිඳගන්න දෙයක් පිටවත් තිබෙන දෙයෙහි ස්පර්ශවන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටින්නේය. 24යම් පුරුෂයෙක් ඈ සමඟ සයනය කොට ඇගේ කිලුට ඔහු පිට වන්නේනම්, ඔහු සත් දවසක් අපවිත්‍රව සිටින්නේය; ඔහු සැතපෙන සියලු යහන්ද අපවිත්‍රව තිබෙන්නේය.
25යම් ස්ත්‍රියෙකුට ඇගේ කිලුටුකමේ කාලයට ඇතුළත් නැති බොහෝ දවසක් ලේ වැගිරීමක් වන්නේනම් නොහොත් ඇගේ කිලුටුකමේ කාලයට වැඩි කාලයක් ලේ වැගිරීමක් වන්නේනම් ඇගේ අපවිත්‍රකමේ සියලු දවස්වල ඇගේ කිලුටුකමේ දවස්වලදී මෙන් සිටින්නීය. ඈ අපවිත්‍රය. 26ඇගේ වැගිරීමේ සියලු දවස්වලදී ඇ සැතපෙන සියලු යහන් ඇගේ කිලුටුකමේ යහන මෙන් වන්නේය. ඈ හිඳින සියල්ලද ඇගේ කිලුටුකමේ අපවිත්‍රකම මෙන්ම අපවිත්‍රවන්නේය. 27එහි ස්පර්ශවන තැනැත්තේ අපවිත්‍රව සිටින්නේය, ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය. 28නුමුත් ඇගේ වැගිරීමෙන් ඈ පවිත්‍රවූවානම් සත් දවසක් ගතකළාට පසු ඈ පවිත්‍රවන්නීය. 29අටවෙනි දවසෙහි කොබෙයියන් දෙන්නෙක් හෝ පරෙවි පැටවුන් දෙන්නෙක් හෝ රැගෙන සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට උන් ගෙනා යුතුය. 30පූජකයාද එකෙක් පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකොට ඇගේ අපවිත්‍රකමේ වැගිරීම සඳහා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඈ උදෙසා සමගිකමක් කරන්නේය.
31එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන් මධ්‍යයෙහි තිබෙන මාගේ මණ්ඩපය කිලුටුකොට තමුන්ගේ අපවිත්‍රකමෙන් නොනස්නා පිණිස නුඹලා ඔවුන්ගේ අපවිත්‍රකමෙන් ඔවුන් වෙන්කරන්න.
32වැගිරීමක් ඇත්තාද ශුක්‍ර වැගිරීමෙන් අපවිත්‍ර වෙන්නාද ඔසප් ඇතිවීමෙන් අසනීපව සිටින්නීද, 33පුරුෂයෙක් නුමුත් ස්ත්‍රියෙක් නුමුත් වැගිරීමක් ඇති අයද අපවිත්‍ර ස්ත්‍රියෙක් සමඟ සයනයකරන්නාද ගැන ව්‍යවස්ථාව මේයයි කීසේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy