YouVersion Logo
Search Icon

යෝෂුවා 21

21
ලෙවීය නුවරවල්
1එවිට ලෙවීවරුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීන්ද වෙතට පැමිණ, 2කානාන් දේශයේ ෂීලෝහිදී ඔවුන්ට කථාකොට: වාසයකිරීමට නුවරවල්ද අපේ සිව්පාවුන්ට ඒවායේ පිට-බිම්ද දෙන්ට කියා ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ආඥාකෙරෙවුසේකැයි කීවෝය. 3ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස තමුන්ගේ උරුමයෙන් මෙකී නුවරවල්ද ඒවායේ පිට-බිම්ද ලෙවීවරුන්ට දුන්නෝය.
4කොහාත්වරුන්ගේ පවුල්වලට පස ඇටය වැටුණේය. ලෙවීවරුන්ගෙන්වූ ආරොන් පූජකයාගේ පුත්‍රයන්ට යූදා ගෝත්‍රයෙන්ද සිමියොන් ගෝත්‍රයෙන්ද බෙන්යමින් ගෝත්‍රයෙන්ද නුවරවල් දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
5කොහාත්ගේ අනික් පුත්‍රයන්ට එප්‍රායිම් ගෝත්‍රයේ පවුල්වලින්ද දාන් ගෝත්‍රයෙන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද නුවරවල් දසයක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
6ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට ඉස්සාඛර් ගෝත්‍රයේ පවුල්වලින්ද ආෂෙර් ගෝත්‍රයෙන්ද නප්තලී ගෝත්‍රයෙන්ද බාෂාන්හි සිටිය මනස්සේගේ අර්ධගෝත්‍රයෙන්ද නුවරවල් දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
7මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට රූබෙන් ගෝත්‍රයෙන්ද ගාද් ගෝත්‍රයෙන්ද සාබුලොන් ගෝත්‍රයෙන්ද නුවරවල් දොළොසක් ලැබුණේය.
8ඒ නුවරවල් සහ ඒවායේ පිට-බිම් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස පස ඇට දැමීමෙන් ලෙවීවරුන්ට දුන්නෝය. 9යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද මෙහි නම් සඳහන්කරනු ලබන නුවරවල් 10ඔව්හු ලෙවීගේ පුත්‍රයන්වූ කොහාත්වරුන්ගේ පවුල්වලට අයිති ආරොන්ගේ පුත්‍රයන්ට දුන්නෝය. මක්නිසාද පළමුවෙනි පස ඇටය වැටුණේ ඔවුන්ටය. 11ඔව්හු යූදා කඳු රටේ තිබෙන හෙබ්‍රොන් නම් කිරියත්-අර්බාද ඒ අවට තිබෙන එහි පිට-බිම්ද ඔවුන්ට දුන්නෝය. අර්බා වනාහි අනාක්ගේ පියාය. 12එහෙත් නුවර කෙත්ද එහි ගම්ද ඔව්හු යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට උරුමයක් කොට දුන්නෝය.
13ඔව්හු පූජක ආරොන්ගේ පුත්‍රයන්ට, මිනීමරන අයට ආරක්ෂා නුවරක්වූ හෙබ්‍රොන් සහ එහි පිට-බිම්ද ලිබ්නා සහ එහි පිට-බිම්ද, 14යත්තීර් සහ එහි පිට-බිම්ද, එෂ්තෙමෝවා සහ එහි පිට-බිම්ද, 15හෝලොන් සහ එහි පිට-බිම්ද, දෙබීර් සහ එහි පිට-බිම්ද, 16ආයින් සහ එහි පිට-බිම්ද යුත්තා සහ එහි පිට-බිම්ද බෙත්-ෂෙමෙෂ් සහ එහි පිට-බිම්ද යන මේ නුවරවල් නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝය. 17බෙන්යමින් ගෝත්‍රයෙන් ගිබියොන් සහ එහි පිට-බිම්ද ගෙබා සහ එහි පිට-බිම්ද, 18අනාතොත් සහ එහි පිට-බිම්ද අල්මොන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය. 19පූජකයන්වූ ආරොන් පුත්‍රයන්ගේ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් දහතුනක්ය.
20ලෙවීවරුන් වන කොහාත්ගේ අනික් පුත්‍රයන්ගේ පවුල්වලට ඔවුන්ගේ කොටසේ නුවරවල් එප්‍රායිම් ගෝත්‍රයෙන් ලැබුණේය. 21මිනීමරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ ෂෙකෙම් සහ එහි පිට-බිම්ද ගෙසෙර් සහ එහි පිට-බිම්ද, 22කිබ්ශයිම් සහ එහි පිට-බිම්ද බෙත්-හෝරොන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතර ඔවුන්ට දුන්නෝය. 23දාන් ගෝත්‍රයෙන් එල්තෙකේ සහ එහි පිට-බිම්ද ගිබ්බෙතොන් සහ එහි පිට-බිම්ද, 24අයාලොන් සහ එහි පිට-බිම්ද ගැත්-රිම්මොන් සහ එහි පිට-බිම්ද යන මේ නුවරවල් සතරත් දුන්නෝය. 25මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් තයනාක් සහ එහි පිට-බිම්ද ගැත්-රිම්මොන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් දෙකත් දුන්නෝය. 26කොහාත්ගේ අනික් පුත්‍රයන්ගේ පවුල්වලට ලැබුණ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් දසයක්ය.
27ඔවුන් ලෙවීවරුන්ගේ පවුල්වලට අයිතිවූ ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් දුන්නේ මිනී මරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ බාෂාන්හි තිබෙන ගෝලාන් සහ එහි පිට-බිම්ද බෙ-යෙෂ්තෙරා සහ එහි පිට-බිම්ද යන නුවරවල් දෙකය. 28ඉස්සාඛර්ගේ ගෝත්‍රයෙන් කිෂියොන් සහ එහි පිට-බිම්ද දාබෙරත් සහ එහි පිට-බිම්ද, 29යර්මූත් සහ එහි පිට-බිම්ද ඒන්-ගන්නීම් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය. 30ආෂේර් ගෝත්‍රයෙන් මිෂාල් සහ එහි පිට-බිම්ද අබ්දොන් සහ එහි පිට-බිම්ද, 31හෙල්කාත් සහ එහි පිට-බිම්ද රෙහොබ් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය. 32නප්තලී ගෝත්‍රයෙන් මිනීමරන අය උදෙසා නියම කළ ආරක්ෂා නුවරක්වූ, ගලීලයෙහි තිබෙන කෙදෙෂ් සහ එහි පිට-බිම්ද හම්මොත්-දෝර් සහ එහි පිට-බිම්ද කර්තාන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් තුනත් දුන්නෝය. 33ගේර්ෂොන්වරුන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් දහ තුනක්ය.
34අනික් ලෙවීවරුන් වන මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වලට සාබුලොන් ගෝත්‍රයෙන් යොක්නෙයාම් සහ එහි පිට-බිම්ද කර්තා සහ එහි පිට-බිම්ද, 35දිම්නා සහ එහි පිට-බිම්ද නහලාල් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතර දුන්නෝය. 36රූබෙන් ගෝත්‍රයෙන් බෙශෙර් සහ එහි පිට-බිම්ද යාහශ් සහ එහි පිට-බිම්ද, 37කෙදේමොත් සහ එහි පිට-බිම්ද මේපාත් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය. 38ගාද් ගෝත්‍රයෙන්, මිනීමරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ එහි පිට-බිම්ද 39මහනයිම් සහ එහි පිට-බිම්ද, හෙෂ්බොන් සහ එහි පිට-බිම්ද යාශෙර් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය. 40මේ සියල්ල ලෙවීවරුන්ගේ අනික් පවුල් වන මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණ නුවරවල්ය; ඔවුන්ගේ කොටස නුවරවල් දොළොසක්ය.
41ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමය තුළ තිබුණ ලෙවීවරුන්ගේ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් සතළිස් අටක්ය. 42මේ නුවරවලින් එක එක නුවර වටකර පිට-බිම් තිබුණේය. ඒ සියලු නුවරවල් ඒ ආකාරව තිබුණේය.
43මෙසේ ඉශ්‍රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේ දිවුළාවූ මුළු දේශය උන්වහන්සේ ඔවුන්ට දුන්සේක; ඔව්හු ඒක හිමිකරගෙන එහි විසුවෝය. 44ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ සියල්ල ලෙස හාත්පසින් උන්වහන්සේ ඔවුන්ට විශ්‍රාම දුන්සේක. ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් කිසිවෙකුට ඔවුන්ට විරුද්ධව සිටින්ට නොහැකිවිය; ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ සියලු සතුරන් ඔවුන් අතට පාවාදුන් සේක. 45ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් වංශයට කී යහපත් දෙයින් කිසිවක් අත්නෑරී සියල්ලම සිදුවුණේය.

Currently Selected:

යෝෂුවා 21: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy