YouVersion Logo
Search Icon

ජෝවෙල් 1:1-7

ජෝවෙල් 1:1-7 SROV

පෙතුයෙල්ගේ පුත්‍රවූ යෝවෙල් වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය. මහල්ලෙනි, මේක අසන්න, දේශයේ සියලුම වැසියෙනි, කන් යොමුකරන්න. නුඹලාගේ දවස්වල හෝ නුඹලාගේ පියවරුන්ගේ දවස්වල හෝ මෙබඳු දෙයක් සිද්ධවීද? නුඹලාගේ දරුවන්ට ඒ ගැන කියාදෙන්න, නුඹලාගේ දරුවෝ තමුන්ගේ දරුවන්ටත් ඔවුන්ගේ දරුවෝ තවත් පරම්පරාවකටත් කියාදෙත්වා. පළඟැටි පණුවන් ඉතිරි කළ ඒවා පළඟැටියෝ කෑවෝය; පළගැටියන් ඉතිරිකළ ඒවා කෙඳි-පළඟැටියෝ කෑවෝය; කෙඳි-පළඟැටියන් ඉතිරි කළ ඒවා කපන-පළඟැටියෝ කෑවෝය. සුරාසොඬුනි, පිබිද අඬන්න; මුද්‍රිකපානය බොන සියල්ලෙනි, මිදියුස නුඹලාගේ මුඛවලින් පහවුණු නිසා ඒ ගැන කෑමොරගසන්න. මක්නිසාද බලවත්වූ ගණනාවක් නැති ජාතියක් මාගේ දේශයට නැගී ආවෝය; උන්ගේ දත් සිංහ දත්ය, සිංහ ධේනුවෙකුගේ දළදත්ද උන්ට තිබේ. උන් මාගේ මිදිවැල පාළුකොට, මාගේ අත්තික්කා ගහ කඩාදමා, එහි පොතු ගළවා හෙළාදැමුවෝය; එහි අතුද සුදුවී තිබේ.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy