YouVersion Logo
Search Icon

ජෝබ් 21

21
යෝබ්ගේ උත්තරය
1එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2මාගේ කථාව සැලකිල්ලෙන් අසන්න;
මේක නුඹලාගේ සැනසීම් වේවා.
3මටත් කථාකරන්ට ඉඩ අරින්න;
මා කථාකළායින් පසු නින්දාකරන්න.
4මාගේ පැමිණිල්ල කරන්නේ මනුෂ්‍යයාටද?
මා ඉවසිලි නැතුව නොසිටින්ට කාරණය මොකද?
5මා දෙස බලා විස්මපත්වී, අතින් කට වසාගන්න.
6සිහිවෙන විටම මම කැලඹෙමි, තැතිගැන්ම මාගේ මාංසය අල්වාගනියි.
7දුෂ්ටයන් ජීවත්වෙන්නෙත්, වෘද්ධ වයසට පැමිණ බලවත්වන්නෙත් මක්නිසාද?
8ඔවුන් ඉදිරියෙහි ඔවුන්ගේ වංශයද ඔවුන්ගේ ඇස් හමුවෙහි ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ පිහිටෙන්නෝය.
9ඔවුන්ගේ ගෙවල් භයින් තොරව සුරැකිව තිබේ, දෙවියන්වහන්සේගේ ඉපලද ඔවුන් පිට නැත.
10ඔවුන්ගේ ගොනා නොවරද්දා පැටවුන් ජනිතකරයි;
ඔවුන්ගේ එළදෙන ගබ්සා නොවී බිහිකරයි
11ඔවුන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති, ඔවුන්ගේ දරුවෝද නටති.
12ඔව්හු රබානද වීණාවද ඇතුව ගීතිකා කියති, නළාවේ ශබ්දයටද ප්‍රීතිවෙති.
13ඔව්හු සැපතින් දවස් යවති, ඇසිල්ලකින් ෂෙයෝලට බැසයති.
14ඔව්හු දෙවියන්වහන්සේට කථාකොට:
අප වෙතින් අහක්ව ගිය මැනව;
මක්නිසාද ඔබගේ මාර්ග දැනගැන්මට අපි නොකැමැත්තෙමුව.
15අප විසින් සර්වපරාක්‍රමයාණන්ට මෙහෙකරන්ට උන්වහන්සේ කවුද?
උන්වහන්සේට යාච්ඤාකළත් අපට මොන ප්‍රයෝජනයක් වේදැයි කීවෝය.
16බලව, ඔවුන්ගේ සමෘද්ධිය ඔවුන්ගේ අතේ නොවේය.
දුෂ්ටයන්ගේ මන්ත්‍රණය මාගෙන් දුරුව තිබේ.
17දුෂ්ටයන්ගේ පහන නිවී, ඔවුන්ගේ විපත්තිය ඔවුන් පිටට පැමිණෙන්නෙත්, දෙවියන්වහන්සේ ස්වකීය කෝපයෙන් දුක් බෙදාදෙන්නෙත්,
18ඔවුන් සුළඟට ගහගනයන ඉපනැල්ල මෙන්ද සුළඟට අසුවීයන බොල් මෙන්ද වෙන්නෙත් කොපමණ වාරවලද?
19දෙවියන්වහන්සේ ඔහුගේ අපරාධය ඔහුගේ දරුවන්ට රැස්කර තබනසේකැයි නුඹලා කියන්නහුය.
ඔහු දැනගන්න පිණිස උන්වහන්සේ ඔහුටම ප්‍රතිඵල පමුණුවනසේක්වා.
20ඔහුගේ විනාශය ඔහුගේම ඇස්වලට පෙනේවා, ඔහු සර්වපරාක්‍රමයාණන්ගේ උදහස පානයකෙරේවා.
21ඔහුගේ මාස ගණන මැදින් සිඳිනු ලැබූ කල්හි තමාට පසුව සිටින ඔහුගේ පවුලෙන් ඔහුට මොන සතුටක්ද?
22උත්තමයන් විනිශ්චයකරන්නාවූ දෙවියන්වහන්සේට දැනගැන්ම උගන්වන්ට යමෙකුට පුළුවන්ද?
23එක්කෙනෙක් සම්පූර්ණයෙන් සැපපහසු ඇතුව මුළු ශක්තියෙන් සිටියදී මියයන්නේය.
24ඔහුගේ ඇළපත් තෙලෙන් පිරී, ඔහුගේ ඇටමිදුළු තෙත්ව තිබෙන්නේය.
25තවත් කෙනෙක් කිසි සැපතක් නොවිඳ, සිත් ශෝකයෙන් සිට මියයන්නේය.
26ඔව්හු එක්ව දූවිල්ලෙහි වැදහෙති, පණුවෝද ඔවුන් වසාගනිති.
27බලව, නුඹලාගේ සිතිවිලිත් නුඹලා අයුතුලෙස මට විරුද්ධව කරන යෝජනාත් දනිමි.
28මක්නිසාද:
අධිපතියාගේ ගෘහය කොතැනද කියාත් දුෂ්ටයන් වාසයකළ කූඩාරම කොතැනද කියාත් නුඹලා අසති.
29මගයන්නන්ගෙන් නුඹලා අහලා නැද්ද?
එසේනම් නුඹලා ඔවුන්ගේ සලකුණු නොදැන සිටිනවාද?
30එනම් නපුරා විපත්ති දවසට ඉතුරුකර සිටින බවත් ඔවුන් උදහස් දවසට පිටත ගෙනයනු ලබන බවත්ය.
31ඔහුගේ මාර්ගය ඔහුගේ මුහුණ ඉදිරියෙහි ප්‍රකාශකරන්නේ කවුද?
ඔහු කළ දෙයට ඔහුට විපාක දෙන්නේ කවුද?
32එහෙත් ඔහු පවා මිනීවළට ගෙනයනු ලබන්නේය, සොහොනද මුරකරනු ලැබේ.
33මිටියාවතේ පිඩලි ඔහුට මිහිරිවන්නේය, සියලු මනුෂ්‍යයෝ ඔහුට පස්සෙනුත් ඔහුට පෙරටුවෙනුත් ගණනාවක් නැතුව පෙළ නොකැඩී යති.
34එසේනම් නුඹලාගේ උත්තරවල බොරුව පමණක් තිබෙද්දී නිරර්ථකලෙස නුඹලා මා සනසන්ට හදන්නේ කෙසේදැයි කීවේය.

Currently Selected:

ජෝබ් 21: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy