YouVersion Logo
Search Icon

ජෝබ් 17

17
1මාගේ ආත්මය ක්ෂයවී මාගේ දවස් ගෙවී ගියේය, මට ඇත්තේ මිනීවළය.
2සැබෑවටම සරදම්කාරයෝ මා වෙත සිටිති, මාගේ ඇස ඔවුන්ගේ විරුද්ධකම් දෙසටම යොමුවී තිබේ.
3ඔබ වෙතම උකසක් තබාගෙන මට ඇපවුව මැනව;
මාගේ අතට අතගසන්ට ඉන්නේ වෙන කවුද?
4මක්නිසාද ඔබවහන්සේ ඔවුන්ගේ සිත්වලින් නුවණ සඟවා තිබේ.
එබැවින් ඔබ ඔවුන් උසස් නොකරනසේක.
5තමාගේ මිත්‍රයන් කොල්ලයක් පිණිස පාවාදෙන යමෙක් ඇද්ද, ඔහුගේ දරුවන්ගේ ඇස් පවා ක්ෂයවී යනවා ඇත.
6උන්වහන්සේ මා සෙනඟ අතරේ නින්දා පාඨයක් කළසේක;
මම ඔවුන්ට කෙලහීමක් වී සිටිමි.
7මාගේ ඇස් ශෝකයෙන් අඳුරුවී තිබේ, මාගේ අවයව සියල්ලම සෙවණැල්ලක් මෙන්ය.
8අවංක මිනිස්සු මේ ගැන විස්මිත වෙති, නිර්දෝෂ තැනැත්තා අභක්තිකයාට විරුද්ධව ඇවිස්සී සිටින්නේය.
9එහෙත් ධර්මිෂ්ඨයා තමාගේ මාර්ගයේම පවතින්නේය, පිරිසිදු අත් ඇත්තා වඩ වඩා ශක්තිමත්වන්නේය.
10නුමුත් නුඹලා සියලු දෙනා දැන් හැරී එන්න.
නුඹලා අතරේ ප්‍රඥාවන්තයෙක් මට සම්බ නොවන්නේය.
11මාගේ දවස් පහවී, මාගේ සිතේ සම්පත වන මාගේ අදහස් කඩවී තිබේ.
12ඔව්හු රාත්‍රිය දවාලට පෙරළති.
එළිය අන්ධකාරයට ළඟයයි කියති.
13මාගේ ගෙය කොට ෂෙයෝල ගැන බලා සිටිමි, අන්ධකාරයෙහි මාගේ යහන අතුළෙමි.
14නුඹ මාගේ පියායයි කුණුවීමටත් නුඹ මාගේ මවු සහ සහෝදරීයයි පණුවාටත් කීවෙමි.
15එසේ නම් මාගේ බලාපොරොත්තුව කොතැනද?
මාගේ බලාපොරොත්තුව පෙනෙන්නේ කාටද?
16ධූලියෙහි නිශ්චලය ලැබූ හැටියේම ඒක ෂෙයෝලේ අගුල් දක්වා බසිනවා ඇතැයි කීවේය.

Currently Selected:

ජෝබ් 17: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy