YouVersion Logo
Search Icon

ශු. යොහන් 8:39-47

ශු. යොහන් 8:39-47 SROV

ඔව්හු උත්තරදෙමින්: අපගේ පියාණෝ ආබ්‍රහම්යයි උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම්ගේ ක්‍රියා කරන්නහුය. නුමුත් දෙවියන්වහන්සේගෙන් ඇසූ සැබෑව නුඹලාට කීවාවූ මනුෂ්‍යයෙක් වන මා මරන්ට දැන් නුඹලා සොයහුය. ආබ්‍රහම් එසේ නොකළේය. නුඹලා නුඹලාගේ පියාගේ ක්‍රියා කරහුයයි කීසේක. එවිට ඔව්හු: අපි වේශ්‍යාකමින් උපන්නෝ නොවෙමුව; අපට ඇත්තේ එකම පියාණෝය, ඒ දෙවියන්වහන්සේයයි කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: දෙවියන්වහන්සේ නුඹලාගේ පියාණෝ නම් නුඹලා මට ප්‍රේමකරන්නහුය. මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙන් නික්ම ඇවිත් සිටිමි; මාගේම කැමැත්තෙන් මා ආවා නොව උන්වහන්සේ මා එවුසේක. මාගේ කථාව නුඹලාට නොතේරෙන්නේ මක්නිසාද? මාගේ වචනය නුඹලාට අසන්ට බැරි නිසාමය. නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය. මා නුඹලාට සැබෑව කියන හෙයින් නුඹලා මා අදහාගන්නේ නැත. මට පාපය ඇතැයි නුඹලාගෙන් කවරෙක් ඔප්පුකෙරේද? මම සැබෑව කියම් නම් නුඹලා මා අදහා නොගන්නේ මක්නිසාද? දෙවියන්වහන්සේගෙන් වූ තැනැත්තේ දෙවියන්වහන්සේගේ වචන අසයි. නුඹලා දෙවියන්වහන්සේගෙන් නොවන බැවින් ඒවා අසන්නේ නැතැයි කීසේක.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy