YouVersion Logo
Search Icon

ජෙරෙමියා 36:27-32

ජෙරෙමියා 36:27-32 SROV

රජු ඒ පොතද බාරුක් යෙරෙමියාගේ මුඛයෙන් අසා ලියූ වචනද දැවූ පසු, ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය: නුඹ නැවත වෙන පොතක් රැගෙන යූදාහි රජවූ යෙහෝයාකීම් දැවුවාවූ පළමු පොතේ තිබුණු ප්‍රථම වචන සියල්ලම ලියන්න. යූදාහි රජවූ යෙහෝයාකීම් ගැනත් මෙසේ කියන්න– ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ රජ ඇවිත් මේ දේශය නාස්තිකර, මෙතනින් මනුෂ්‍යයන්ද මෘගයන්ද පහකරදමන්නේය කියා නුඹ මේ පොතෙහි ලියුවේ මක්නිසාදැයි කියමින් නුඹ ඒක දවාදැමුවෙහිය. එබැවින් ස්වාමීන්වහන්සේ යූදාහි රජවූ යෙහෝයාකීම් ගැන මෙසේ කියනසේක: ඔහුට දාවිත්ගේ සිංහාසනයෙහි හිඳින්ට කෙනෙක් නොසිටින්නේය. ඔහුගේ මළකඳ දවාලේ ග්‍රීෂ්මයටත් රාත්‍රියේ ශීතලයටත් පිටත හෙළාදමනු ලබන්නේය. මම ඔහුටත් ඔහුගේ වංශයටත් සේවකයන්ටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම්කොට, ඔවුන් පිටටත් යෙරුසලමේ වැසියන් පිටටත් යූදාහි මනුෂ්‍යයන් පිටටත් ඔවුන් ගැන මා කීවාවූ ඔවුන් නෑසුවාවූ සියලු විපත්ති පමුණුවන්නෙමියි කීවේය. එවිට යෙරෙමියා වෙන පොතක් ගෙන නේරියාගේ පුත්‍රවූ බාරුක් ලේකම්ට දුන්නේය; ඔහුද යූදාහි රජවූ යෙහෝයාකීම් ගින්නෙන් දවාදැමුවාවූ පොතේ සියලු වචන යෙරෙමියාගේ මුඛයෙන් අසා එහි ලියුවේය. ඒ වාගේ තවත් බොහෝ වචනත් ඒවාට එකතු කරනලද්දේය.

Free Reading Plans and Devotionals related to ජෙරෙමියා 36:27-32

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy