YouVersion Logo
Search Icon

හොසියා 10

10
ඉශ්‍රායෙල්ගේ ඵල නැතිකම, බොරුකාරකම සහ දුෂ්ටභාවය. ඒවාට දඬුවම
1ඉශ්‍රායෙල් විහිදීයන්නාවූ, ඵල දරන මිදිවැලක්ය. තමාගේ ඵල වැඩිවූ පමණට ඔහු පූජාසන වැඩිකෙළේය; ඔහුගේ දේශයේ සාරභාවය හැටියට ඔව්හු අලංකාරවූ රූපස්තම්භ සෑදුවෝය. 2ඔවුන්ගේ සිත බෙදී තිබේ; දැන් ඔවුන් අච්චුවිඳිනවා ඇත. උන්වහන්සේම ඔවුන්ගේ පූජාසන පෙරළාදමා, ඔවුන්ගේ රූපස්තම්භ නාස්තිකරනසේක. 3සැබවින් ඔව්හු දැන් කථාකොට: අපට රජෙක් නැත. මක්නිසාද අපි ස්වාමීන්වහන්සේ කෙරෙහි භය නැත්තෙමුව; රජු අපට මක්කරනවා ඇද්දැයි කියන්නෝය. 4ඔව්හු බොරුවට දිවුරා ගිවිසුමක් කරමින්, නිෂ්ඵල වචන කියති. එබැවින් විනිශ්චයද කෙතේ හීවිටිවල හටගන්න කොසඹ මෙන් හටගනියි. 5සමාරියේ වැසියෝ බෙත්-ආවෙන්හි වස්සන් නිසා භයින් සිටින්නෝය. මක්නිසාද උගේ සෙනඟ ඌ ගැන වැලපෙන්නෝය, උගේ තේජස උගෙන් පහවගිය බැවින් උගේ කපුවෝ ඌ ගැන වෙවුලන්නෝය. 6ඌද විරුද්ධකාර රජුට තෑග්ගක් පිණිස අෂූර්ට ගෙනයනු ලබන්නේය. එප්‍රායිම් ලජ්ජාවට අසුවන්නේය, ඉශ්‍රායෙල්ද තමාගේ මන්ත්‍රණය ගැන ලජ්ජාවන්නේය. 7සමාරියේ රජ වනාහි සිඳිනලද්දේය, ඔහු ජලය මතුපිට තිබෙන පතුරක් මෙන්ය. 8ඉශ්‍රායෙල්ගේ පාපය වන ආවෙන්හි උස්තැන්ද නාස්තිවෙයි. කටු සහ ගොකටු ඔවුන්ගේ පූජාසනවල හටගන්නවා ඇත. ඔවුන්: අප වසාගන්නැයි කඳුවලටත්, අප පිටට වැටෙන්නැයි හෙල්වලටත් කියනවා ඇත. 9අහෝ ඉශ්‍රායෙල්, නුඹ ගිබියාහි දවස්වල පටන් පව්කෙළෙහිය. එහි ඔව්හු නැවතී සිටිති; දුෂ්ටකමේ පුත්‍රයන්ට විරුද්ධව පැමිණෙන යුද්ධයට ඔව්හු ගිබියාහිදී අසුනොවන්නෝද? 10ඔවුන්ට අච්චුකරන්ට මාගේ කැමැත්තක් තිබේ; ඔවුන් තමුන්ගේ අපරාධ දෙකට බැඳී සිටින කල ජනයෝ ඔවුන්ට විරුද්ධව රැස්කරනු ලබන්නෝය. 11එප්‍රායිම් පුරුදුවූ, මැඩීමට කැමැතිවූ එළනෑම්බියක්ය; එහෙත් මමම ඇගේ ශෝභන බෙල්ල පිටට පැමිණ සිටිමි. එප්‍රායිම් පිට දක්කන්නෙකු හිඳුවන්නෙමි; යූදා හාන්නේය, යාකොබ් බිම සමතලාකරන්නේය. 12ධර්මිෂ්ඨකම පිණිස වපුරාගන, කරුණාවේ හැටියට කපාගන්න; පුරන් බිම කොටාගන්න. ස්වාමීන්වහන්සේ ඇවිත් නුඹලාට ධර්මිෂ්ඨකම වස්වන තුරු, දැන් උන්වහන්සේ සොයන්ට කාලයය. 13නුඹලා දුෂ්ටකම හෑවහුය, අයුතුකම කපාගත්තහුය; බොරුවල ප්‍රතිඵල කෑවහුය. මක්නිසාද නුඹ නුඹේ මාර්ගයත් නුඹේ බලවතුන් රාශියත් කෙරෙහි විශ්වාස කෙළෙහිය. 14එබැවින් නුඹේ සෙනඟ අතර ඝෝෂාවක් හටගන්නවා ඇත. මෑණියන් ඇගේ දරුවන් සමඟ පොඩිකරනු ලැබූ යුද්ධ දවසේදී ෂල්මාන් විසින් බෙත්-අර්බේල් නාස්තිකළ ලෙස නුඹේ සියලු බලකොටු නාස්තිකරනු ලබනවා ඇත. 15නුඹලාගේ මහත් නපුරුකම නිසා බෙතෙල් නුඹලාට එසේ කරන්නේය. අලුයම් වේලෙහි ඉශ්‍රායෙල් රජ සහමුලින්ම සිඳිනු ලබන්නේය.

Currently Selected:

හොසියා 10: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy