YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 1:8-12

හෙබ්‍රෙව් 1:8-12 SROV

නුමුත් පුත්‍රයා ගැන කථාකොට: දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවත්නේය; ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය යුක්තියේ ජයකොන්තයක්ය. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව අධර්මිෂ්ඨකමට ද්වේෂකළසේක; එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ සහකාරයන්ට වඩා ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබ ආලේපකළසේකැයි කියනසේක. නැවතද: ස්වාමිනි, පටන්ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක, ස්වර්ගවල් ඔබගේ හස්තකර්ම වෙති. ඒවා විනාශවන්නේය; නුමුත් ඔබ පවතිනසේක. ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පරණවන්නේය; ඔබ ඒවා සළුවක් මෙන් අකුළනසේක, වස්ත්‍රයක් මෙන් ඒවා මාරුවන්නේය. නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු තීන්දු නොවන්නේයයි කියනසේක.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy